ජනතාව අනවශ්‍ය ලෙස බිය නොවිය යුතුයි....

srilanka health asela gunawardana
By Nimal Jun 13, 2021 05:41 AM GMT
Nimal

Nimal

Report

දෙවන මාත්‍රාව සදහා අවශ්‍ය එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇති බැවින් ජනතාව අනවශ්‍ය ලෙස බිය නොවිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙම කරුණු දක්වන ලද්දේ ඊයේ දින (12) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමිනි.හිදී අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා - “සයිනොෆාම් එන්නත මේ වන විට ලක්ෂ 15 ½ කට ලබා දි තිබෙනවා.

එම එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ සදහා එන්නත් ලක්ෂ 15 ½ ක් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී තිබෙනවා. අදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඔබට දන්වා ඇති පරිදි අදාල දිනයේ දී, අදාල එන්නත් මධ්‍යස්ථානයට ගොස් එම එන්නත ලබාගැනීමට හැකියාව පවතිනවා.

ඒ සදහා හදිසිවීමක් හෝ එක්රොක්වීමක් හෝ කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. දෙවන එන්නත් මාත්‍රාව මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී තිබෙන බැවින් ජනතාව අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු වන්නේ නැහැ.

” “ස්පුට්නික් එන්නත ලබාදුන් 15,000 ක් වන වන සියළු දෙනාට ලබාදීමට එහි දෙවන මාත්‍රාව ද සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී තිබෙන බැවින් , සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඔබට දන්වා ඇති පරිදි අදාල දිනයේ දී අදාල එන්නත් මධ්‍යස්ථානයට ගොස් එම එන්නත ඔබට ලබාගත හැකි වෙනවා.”