අසත්‍ය ප්‍රචාර පතුරවන්නන් පිළිබදව විමර්ශනයක්....
කොවිඩ් - 19 වසංගතය පාලනය කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ අරමුණින් සමහර වෙබ් අඩවි සැලසුම් සහගතව අසත්‍ය ප්‍රචාර පතුරවන්නන් පිළිබදව සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානයට යොමු වී ඇත.
එලෙසම එවැනි ව්‍යාජ එන්නත් ජාවාරම් සහ එම ජාවාරම්කරුවන්ගේ ව්‍යාජ එන්නත් සඳහා විශ්වසනීයත්වයක් ඇති කිරීමේ පවිටු අරමුණින් යුතුව හිතාමතාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ අමාත්‍යතුමියගේ සමීපතයින් ඈඳාගනිමින් අසත්‍ය පුවත් නිර්මාණය කරන සමහර වෙබ් අඩවි පිළිබඳව ද මේ වනවිටත් විමර්ෂණ ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය ඇමතිණී පවිත්‍රා වනින්ආරච්චි මහත්මිය පවසයි..
එහිදී එන්නත්කරණ වැඩපිළිවෙලෙහි විශ්වසනීයත්වය බිඳවැටෙන ආකාරයෙන් සහ එම ක්‍රියාවලියට බලපෑම් එල්ල වන බව ඒත්තු ගන්වන අයුරෙන් සමහර වගකීම් රහිත වෙබ් අඩවි අසත්‍ය පුවත් නිර්මාණය කරමින් සිටී.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හෝ සෞඛ්‍ය අමාත්‍යතුමියගේ සමීපතයින් හරහා මුදලට එන්නත් විකිණීමේ ජාවාරමක් පවතින බව හුවාදැක්වීමට සමාජ මාධ්‍ය ජාලා සහ වගකීම් රහිත වෙබ් අඩවි ඔස්සේ සමහර පාර්ශවයන් සිදුකරන ද්වේශ සහගත ප්‍රචාරයන් අප හෙළා දකින අතර එවැනි පුවත් තරයේ ප්‍රතික්ෂේප කරන්නෙමු.
නිසි ක්‍රමවේදයක් හරහා සිදුවන එන්නත්කරණ වැඩපිළිවෙල තුළින් එන්නත් මුදලට ලබාදීමේ හැකියාවක් කිසිසේත්ම නොමැති අතර කිසියම් පාර්ශවයක් විසින් කොවිඩ් - 19 රෝගය පාලනය කිරීම සඳහා වන එන්නත් මුදලට ලබාදෙන්නේ නම් ඒවා ව්‍යාජ එන්නත් වන බව මෙන්ම, එවැනි එන්නත් ලබාගැනීමෙන් වළකින ලෙස මහජනතාවට මෙයින් කාරුණිකව දැනුම් දෙමු.
සෞඛ්‍ය අමාත්‍යාංශය ඔස්සේ සිදුකරනු ලබන කොවිඩ් - 19 වසංගතය පාලනය සඳහා වූ එන්නත්කරණ වැඩපිළිවෙලට සියලුම මහජනතාවගේ සහයෝගය තවදුරටත් අපේක්ෂා කරමු.
May you like this video