ඛනිජ තෙල් මිල දී ගැනීමට ඕමානයෙන් ගන්න යන ණය මුදල
ඕමාන් රාජ්‍යයෙන් ඩොලර් මිලියන 3,600ක ණයක් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. අද (22) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මීට අමතරව ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් ඉන්දියාවෙන් ලබා ගැනීමට සූදානමින් සිටින බවත් එය භාණ්ඩාගාරයේ අනුමැතියට යොමුකර තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.
මේ මාසය සඳහා ඉන්ධන ආනයනයට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලබා දීමට මහ බැංකු අධිපතිවරයා පොරොන්දුවී තිබෙන බවද වැඩිදුරටත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එම නිසා විපක්ෂය සිහින මැවු ඉන්ධන හිඟය කිසිසේත්ස ඇති නොවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
"මේ වන විටත් අපි ඉන්දියාව සමඟ ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් සූදානම් කරගෙන එය භාණ්ඩාගාරයේ අනුමැතියට යවා තිබෙනවා. භාණ්ඩාගාරයෙන් මීළඟට අමාත්‍ය මණ්ඩල අනුමැතියට එය ඉදිරිපත් කරයි. ඒ වගේම ඩොලර් මිලියන 3,600ක ණයක් ඕමාන් රාජ්‍යයෙන් ලබාගැනීමට අනුමැතිය හිමිවෙලා තිබෙනවා.
මේ දවස්වල ගිවිසුම් සකස් කරමින් සිටිනවා. ඒ නිසා මේ මාසය තුළ ඉන්ධන ආනයනයට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලබාදීමට මහ බැංකු අධිපතිවරයා පොරොන්දු වෙලා තියෙනවා.
ඉන් පසුව අපිට මේ ලැබෙන ණය පහසුකම් හරහා ඉන්ධන ලබාගැනීමට පුළුවන් නිසා විපක්ෂය සිහින මැවූ ඉන්ධන හිඟය ඇතිවීමට කිසිසේත්ම හේතුවක් නෑ."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |