ලංකාවේ පිරවුම් හල් පිට රට පටවන්න යයි..

By Sithumi Aug 29, 2022 01:20 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාවේ දැනට තිබෙන ඉන්ධන පිරවුම් හල්වලින් පන්සීයත් හත්සීයත් අතර ගාණක් විදේශීය තෙල් සමාගම්වලට ලබා දීමට තීරණය කොට තිබේ.

මෙයට හේතුව වී ඇත්තේ ඛනිජ තෙල් අපනයනය සඳහා රජයට වැය කිරීමට සිදුව ඇති මුදල වේගයෙන් ඉහළ යෑමය. අලුත් ඇස්තමේන්තුවලට අනුව ඉදිරි මාස හතර සඳහා ශ්‍රී ලංකාවට තෙල් ලබා ගැනීම පිණිස ඩොලර් මිලියන 2000 ක් වැය කිරීමට රජයට සිදුව ඇත.

ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම්හල් මිලදී ගැනීම සඳහා යෝජනා පත්‍ර 27 ක් මේ වනවිට විවිධ පාර්ශ්ව වෙතින් ලැබී ඇති අතර එම පාර්ශ්ව අතර ලෝකයේ විශාලතම ඛනිජ තෙල් වෙළෙන්දකු වූ සයිනෝ පෙක් සමූහ ව්‍යාපාරය සහ බි්‍රතාන්‍යයේ ෂෙල් සමාගම ද සිටිති. සයිනෝ පෙක් සමාගම චීනය සතු දේපළකි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉන්ධන පිරවුම්හල් 1200 ක් පමණ අයත්ය. එයින් ඉන්ධන පිරවුම් හල් 700 ක් වෙනත් රටවලට ප්‍රදානය කළ විට ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉන්ධන පිරවුම් හල් 500 ක් පමණ ඉතිරි වීමට නියමිතය. ඉන්ධන පිරවුම් හල් විකිණීමෙන් පසු ඇතිවන ඉන්ධන බෙදාහැරීමේ අවස්ථාවේදී කටයුතු කළ යුතු ආකාරය ගැන රජය දැනටමත් කිසියම් ආකාරයක වැඩපිළිවෙළක් සකස්කොට ඇත. 

එම වැඩපිළිවෙළට අනුව විදේශවලින් තෙල් ගෙන්වීමට පිට රට සමාගම්වලට අයිතිය ලැබෙන අතර එම තෙල් රට තුළ ප්‍රවාහනය කිරීමේ අයිතිය ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටය. මීට අමතරව සෑම ඉන්ධන පිරවුම් හලකින්ම රජය වෙත සේවා ගාස්තුවක් ද ලැබෙයි. 

ඉදිරි මාසය සඳහා ඩීසල් මෙටි්‍රක් ටොන් 37000 ක් ද ඔක්ටේන් 92 පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 70000 ක් ද මෙරටට ගෙන්වීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු යොදා ඇත. උපුටා ගැනීම දිවයින පුවත්පතින්