කොන්සියුලර් නව කාර්යාලයක් කුරුණෑගලට ....
විදේශ අමාත්‍යාංශයේ කුරුණෑගල ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය අතථ්‍ය ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් 27 දා විවෘත කෙරිණ.මෙම සමාරම්භක උත්සවය සඳහා, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන , මහාමාර්ග අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු , වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ සහ කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් කිහිප දෙනෙක් එක් වූහ.
කුරුණෑගල පිහිටි මෙම ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය මඟින්, වයඹ පළාතේ සහ අසල්වැසි ප්‍රදේශවල මහජනතාවට විදේශීය භාවිතය සඳහා උප්පැන්න, විවාහ සහ මරණ සහතික මෙන්ම අධ්‍යාපන සහතික යනාදිය සහතික කිරීම; අපනයන ලේඛන සහ අදාළ සහතික සත්‍යාපනය කිරීම; විදේශයන්හි අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ පවුලේ සාමාජිකයින්ට සහාය වීම; බලපෑමට ලක් වූ සංක්‍රමණික ශ්‍රමිකයින්ට වන්දි ඉල්ලීම් සහ වෙනත් ආකාරයේ සහන ලබාගැනීම පිණිස ලේඛන සැකසීම සහ මියගිය ශ්‍රී ලාංකිකයන්ගේ දේහයන් විදේශයන්ගෙන් ආපසු ගෙන්වා ගැනීමට කටයුතු කිරීම වැනි කොන්සියුලර් සේවාවන් සපයනු ඇත.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ මඟ පෙන්වීම යටතේ, රජයේ “සෞභාග්‍යයේ දැක්ම” ජාතික ප්‍රතිපත්ති රාමුව ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව, මහජනයාට ලබා දෙන කොන්සියුලර් සේවාවන්හි ඵලදායිතාව සහ ක්‍රියාත්මක කිරීම වැඩිදියුණු කිරීම සඳහා විදේශ අමාත්‍යාංශය 2020 ජනවාරි මස සිට දිවයින පුරා ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය කාර්යාල ජාලයක් හරහා කොන්සියුලර් සේවා සැපයීම සඳහා අමාත්‍යාංශය විසින් විවෘත කරන ලද නවතම ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය මෙය වන අතර, එමඟින් විශේෂයෙන් මෙම වසංගත කාල පරිච්ඡේදය තුළ දී මහජනතාවට කොළඹට ගමන් කිරීමකින් තොරව එවැනි සේවාවන් ලබා ගත හැකි වේ.
අනෙක් ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල මහනුවර, මාතර, යාපනය සහ ත්‍රිකුණාමලයේ පිහිටා ඇතැයි ද විදේශ අමාත්‍යංශය පවසයි..
