මෙරට වැඩ කරන ජනතාවට දැඩි අපහසුතාවයක...

srilanka dinesgunawardana forign
By Nimal Jul 02, 2021 09:55 AM GMT
Nimal

Nimal

Report

 යුරෝපා පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් යෝජනා අනුව ශ්‍රී ලංකාවට GSP+ අහිමි වුවහොත් එය මෙරට වැඩ කරන ජනතාවට දැඩිලෙස බලපාන කාරණයක් බැවින් ඒ පිළිඳව යුරෝපා කොමිෂමට කරුණු ඉදිරිපත් කරන ලෙස මෙරට ප්‍රධාන පෙලේ වෘත්තිය සමිති පහක නියෝජිතයෝ රජයෙන් ඉල්ලා සිටිති.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ හා කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාගේ සහභාගිත්වයෙන් විදේශ අමාත්‍යංශයේ අද (2) පැවැති රැස්වීමකදී මෙම ඉල්ලීම ඉදිරිපත් කෙරිණ.

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය, නිදහස් සේවක සංගමය, ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය, එක්සත් කම්කරු සම්මේලනය හා නැෂනල් යූනියන් ඔෆ් සීපෙයාරිස් ශ්‍රි ලංකා යන වෘත්තිය සමිති පහට අයත් නියෝජිතයෝ මෙම රැස්වීමට සහභාගි වී සිටියහ.

GSP+ අහිමි වුවහොත් මෙරට වැඩ කරන ජනතාවට මුහුණ දීමට සිදුවන අපහසුතා පිළිබඳව මෙම රැස්වීමේදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරිණ. මෙහිදී විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ GSP+ සහනය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව යුරෝපා කොමිෂම සමඟ ඇති කරගෙන තිබෙන එකඟතාවන් නියමිත පරිදි ක්‍රියාවට නංවමින් අවබෝධයෙන් යුතුව කටයුතු කරන බවය.

ReeCha