GSP+ ගැන යුරෝපා කොන්දේසිවලට ශ්‍රි ලංකාව උත්තර දෙයි...
දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයට අනුව වන්දි හිමිකම් ඇති පුද්ගල හා පවුල් 2681 ක වන්දි හිමිකම් ගෙවීම සදහා ජුනි මාසය තුලදී පමණක් රුපියල් මිලියන 159 ක්. වෙන්කර දී ඇතිබව යුරෝපා සංගමයට දැනුම් දී ඇතැයි විදේශ අමාත්‍යංශය සදහන් කරයි.
ශ්‍රි ලංකාවට GSP+ සහනය ලබා දීම නැවත සලකා බැලිය යුතුයැයි සදහන් කරමින් යුරෝපා පාර්ලි මේන්තුව සම්මත කරගත් කොන්දේසිවලට ප්‍රතිචාර දක්වමින් විදේශ අමාත්‍යංශය මෙසේ නිවේදනයක් නිකුත් කර ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම සහ තෙමසක් ඇතුළත අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස, අමාත්‍ය මණ්ඩලයීය අනු කමිටුවක් සහ එම අමාත්‍ය මණ්ඩලයීය අනුකමිටුවට සහාය වීම සඳහා නිලධාරීන්ගේ කමිටුවක් පත් කිරීම සඳහා ජුනි 21 වැනි දින අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය පිළිබඳවද යුරෝපා සංගමය දැනුවත් කර ඇති බවද එම නිව්දනයේ සදහන් වේ.
ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තිය ප්‍රකාරව තම බලතල ක්‍රියාත්මක කරමින්, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදකරුවන් කොට දඬුවම් නියම කරනු ලැබ සිටි හිටපු එල්ටීටීඊ සාමාජිකයින් දහසය (16) දෙනෙකුට ජුනි 24 වැනි දින සමාව ලබා දීම පිළිබඳව ද යුරෝපා සංගමයේ අවධානය යොමු කර ඇති බවද සදහන්ය.
යුරෝපා සංගමයේ ජීඑස්පී+ පිළිබඳ මූලික ජාත්‍යන්තර සම්මුතීන් 27 ට අනුකූල වීමත් ශ්‍රී ලංකා රජය යුරෝපා සංගමය සමඟ ක්‍රමවත්, සුහද හා බහුවිධ සංවාදයක් පවත්වා ගෙන යාමත් සමාලෝචනය කර ඒ අනුව ශ්‍රී ලංකාවට මෙම හිමිකම ලැබී ඇති බවද පෙන්වා දී තිබේ. , ශ්‍රී ලංකාවේ 2020-2021 සඳහා වන ජීඑස්පී+ අධීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳ සමාලෝචනයේ තුන්වැනි චක්‍රය අඛණ්ඩව සිදු වෙමින් පවතී. මෙම ක්‍රියාවලියේ කොටසක් ලෙස, වර්තමාන ජීඑස්පී+ අධීක්ෂණ චක්‍රය පිළිබඳ පසු විපරම් ප්‍රශ්න ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකා රජයේ පුළුල් ප්‍රතිචාරය, එකඟ වූ කාලරාමුව පිළිපදිමින් විදේශ අමාත්‍යංශය විසින් යුරෝපා කොමිසම වෙත රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ ලබා දී ඇත. විදේශ අමාත්‍යාංශය විසින් රේඛීය අමාත්‍යාංශ, රාජ්‍ය අමාත්‍යාංශ, ආයතන සහ කොමිෂන් සභා 26 ක් සමඟ සාකච්ඡා කොට, මෙම ප්‍රතිචාරය සම්පාදනය කරන ලදී.
මෙම තුන්වැනි චක්‍රය සඳහා වන ජීඑස්පී+ අධීක්ෂණ දූත කණ්ඩායමක් මේ වසරේ සැප්තැම්බර්,ඔක්තෝබර් මාසවල අන්‍යෝන්‍ය වශයෙන් පහසු දිනවල දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර නිරන්තර නිරත වීම සම්බන්ධයෙන්, මෙම වසරේ සිව්වැනි කාර්තුව තුළ අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ දිනවල දී පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම කැඳවීම සඳහා සැලසුම් කොට ඇත. යුරෝපා සංගමය සමඟ සාකච්ඡා කොට ද්විපාර්ශ්වික සහයෝගීතාවය පිළිබඳ සියලු අංශ සමාලෝචනය කිරීම සඳහා, යුරෝපා සංගම්-ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 24 වන සැසිය 2022 පළමු කාර්තුවේ දී පැවැත්වීමට විදේශ අමාත්‍යාංශය අපේක්ෂාවෙන් පසුවේ. රටේ ප්‍රතිසන්ධානය හා සංවර්ධනය යන අංශවල සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කරන අතරම, සිය බැඳීම් සම්බන්ධයෙන් යුරෝපා සංගමය සමඟ සමීප හා සුහද සංවාදය ශ්‍රී ලංකා රජය විසින් දිගටම පවත්වාගෙන යනු ඇත.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF), ශ්‍රී ලංකා මුහුදු ආහාර අපනයනකරුවන්ගේ සංගමයේ (SEASL) සහ වෘත්තීය සමිතිවල ජ්‍යේෂ්ඨ නියෝජිතයන් හමුවී, යුරෝපා සංගමයේ ජීඑස්පී+ සහනය තවදුරටත් රටට ප්‍රයෝජනවත් ලෙස පවතින බවට සහතික කිරීම සඳහා රජය දක්වන කැපවීම පිළිබඳව ඔවුන්ට සහතික විය. යුරෝපා සංගමය සමඟ රජය කටයුතු කිරීම පිළිබඳව යාවත්කාලීන කිරීමේ අදහසින් යුතුව, අදාළ වාණිජ මණ්ඩල සමඟ රැස්වීම් පැවැත්වීමට ද සැලසුම් කොට ඇත.
