මාගම්මන නිවසේ ගින්නෙන් අවාසනාවන්ත ලෙස දියණියත් මරුට..

Sri Lanka Police Colombo Hospital Hospitals in Sri Lanka
By Sithumi Jun 28, 2022 12:18 PM GMT
Sithumi

Sithumi

Report

හෝමාගම මාගම්මන ප්‍රදේශයේ නිවසක ඉකුත් 25 දා රාත්‍රි ඇතිවූ ගින්නෙන් බරපතල පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි දියණිය මීට සුළු මොහොතකට පෙර මිය ගිය බව කහතුඩුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම මාගම්මන පදිංචිව සිටි කාවින්දි රණසිංහ 19 හැවිරිදි තරුණියකි

. ගින්නෙන් මීට පෙර මියගිය කාවින්දී රණසිංහ තරුණියගෙ මවුපියන් ගේ මෘත දේහය පිළිබඳ අවසන් කටයුතු (28) දා පැවැත්වේ . තුවාල ලැබූ සය හැවිරිදි දියණිය මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.    


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now