ගතවූ මාස 5 තුළ මෙරට ලැබුණු විශේෂ ආදායම..
By Sithumi
වසරේ ගත වූ මාස 5ක කාලය තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක අපනයන ආදායමක් උපයා ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. එය පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂව සියයට 9.9ක ඉහළ යාමක්.
ඇඟළුම්, රෙදිපිළි සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම ඉලෙක්ට්‍රොනික, සංචාරක, අපනයන තුළින් මෙම ආදායම උපයා ඇති බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
එමෙන්ම මේ වසරේ මැයි දක්වා කාල සීමාව සඳහා සේවා අපනයන ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 1472.7ක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |