පීඩාවට පත් පවුල් වලට වියලි ආහාර ...
කොවිඩ් වසංගතයේ පීඩාවට පත් පවුල් 83 ක් සදහා රුපියල් හාරලක්ෂ පහළොස් දහසක් වටිනා වියලි ආහාර පාර්සල් තොගයක් කළුතර දිස්ත්‍රික්කයේ සුරාබදු නිලධාරීන් විසින් බෙදාදෙන ලදී.
සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් කළුතර දිස්ත්‍රික් ලේකම් ,ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර ,අතිරේක දිස්ත්‍රික් ලේකම් තිලකා වෙත්තසිංහ යන මහත්ම මහත්මීන්ගේ මග පෙන්වීම යටතේ කළුතර සහකාර සුරාබදු කාර්යාලයේදී කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් තෝරාගත් පවුල් 60 ක් සදහා වියලි ආහාර පාර්සල් බෙදාදුන් බව කළුතර සහාකර සුරාබදු කොමසාරිස් බී.ඒ .දයාරත්න මහතා පවසයි.
මීට අමතරව බස්නාහිරි පලාත (11) කලාපයේ සේවයේ නියුතු අවශ්‍යතා සහිත සේවකයින් 23 දෙනෙකු සදහාද වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහන දියත් කොට තිබේ.
බස්නාහිර පලාත් (11) සහකාර සුරාබදු කොමසාරිස් බී.ඒ දයාරත්න ,සුරාබදු අධිකාරී රොෂාන් පෙරේරා,සුමිත් චන්ද්‍රකුමාර යන මහත්වරුන්ගේ සංකල්පයට කට අනුව ,කළුතර ,හොරණ,මතුගම,පානදුර ,හා අලුත්ගම සුරාබදු ස්ථානවල සුරාබදු ස්ථානාධිපතිවරුන්ගේ හා කාර්ය මණ්ඩලයේ සහභාගිත්වය ඇතිව මෙම වියලි ආහාර බෙදාදීම සිදු කළහ
