නිවසක පැවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් අත්අඩංගවට ....

srilanka exercise dera gunasekara
By Nimal Jun 11, 2021 05:24 AM GMT
Nimal

Nimal

Report

අගුණකොලපැලැස්ස ප්‍රදේශයේ නිවසක මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා රුපියල් ලක්ෂ පහක් වටිනා මත්පැන් තොගයක් සමගින් එක් සැකකරුවකු ඊයේ දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත..නිවසක පැවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් අත්අඩංගවට .... | Srilanka Exercise

අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු මිලි ලීටර් 31200 ක්,ගෝඩා මිලි ලීටර් 360 000 ක්,බැරල් දඹ දගර හා ගෑස් ලිපක් ඇතුළු උපකරණ තොගයක් තිබු බව දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර මහතා පවසයිනිවසක පැවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් අත්අඩංගවට .... | Srilanka Exercise

දිවයින පුරා සංචරණ සීමා පනවා ඇති සමයේ සුරාසැල් වසා ඇති බැවින් සැකකරු මත්පැන් නිෂ්ෂාදනය කොට අගුණකොලපැලැස්ස ප්‍රදේශයේ වැඩි මිලට අලෙවි කිරීමේ අරමුණින් මත්පැන් නිෂ්පාදනය කොට ඇතැයිද සැකකරු සුරාබදු නිලධාරීන් ඉදිරියේ පාපොච්ජාරණය කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු රුපියල් 50 000/- සුරාබදු සහතික ඇපමත මුදා හැර ඇති අතර ඉදිරියේදී අගුණකොලපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් චන්න වීරක්කොඩි මහතාගේ උපදෙස් මත ,ගාල්ල සුරාබදු අධිකාරී සුනිල් ශාන්ත මහතාගේ මෙහෙයවීම මත, දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර මහතාගේ අධීක්ෂණය යටතේ ,සුරාබදු පරීක්ෂක ලක්ෂාන් පෙරේරා,සැරයන් 621 මලින්ද සදරාජ්, නියාමකවරුන්වන 1059 සහන් ප‍ෙරුමාබදු ,1186 ලහිරු රාජපක්ෂ රියදුරු ප්‍රසාද් සමන්ත යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.