වෙසක් පෝදා මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි....

srilanka exercise dera gunasekara
By Nimal May 27, 2021 03:28 AM GMT
Nimal

Nimal

Report

වෙසක් පොහොය දින කළ සෝදිසි මෙහෙයුමකදී මිද්දෙනිය, මුරුතවෙල ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා රුපියල් ලක්ෂයක් වටිනා මත්පැන් තොගයක් සමගින් එක් සැකකරුවකු දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්පැන් නිෂ්පාදනාගාරයේ තිබී කසිප්පු මිලි ලීටර් 21500 ක්, ගෝඩා මිලි ලීටර් 52000 ක් ,දගරයක් ,ගෑස් ලිපක් ,ගෑස් සිලින්ඩරයක් , ඇතුළු උපකරණ තොගයක් සොයා ගත් බව සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර මහතා පවසයි.

වෙසක් සතියේ හා කොවිඩ් වසංගතය හේතුවෙන් දිවයින පුරා සුරා සැල් වසා ඇති බැවින් තම නිවස තුළ ඉතා සුක්ෂම අයුරින් මත්පැන් නිෂ්පාදනය කොට මිද්දෙනිය ප්‍රදේශයේ අලෙවි කිරීම සැලසුම් කර තිබු බවට සැකකරු සුරාබදු නිලධාරීන් ඉදිරියේ පාපොච්ජාරණය කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු රුපියල් පනස්දහසක සුරාබදු සහතික ඇපමත මුදාහැර ඇති අතර ඉදිරියේදී වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතය.

දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් චන්න වීරක්කොඩි මහතාගේ උපදෙස් මත,ගාල්ල සුරාබදු අධිකාරී සුනිල් ශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් , දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර මහතාගේ අධීක්ෂණය යටතේ ,පරික්ෂක චන්න කුමාර ,නියාමකවරුන්වන 1073 රොහාන් බුද්ධික,1133 මිහිරාන් එදිරිවීර ,1186 ළහිරු රාජපක්ෂ ,රියදුරු ප්‍රසාද් සමන්ත යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.