බිත්තර ආනයනය ප්‍රමාද කරන නිර්දේශයක්...
බිත්තර ආනයනය සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිර්දේශ අද (16) දිනයේත් නොලැබුනු බව රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.
අදාළ නිර්දේශ හෙට (17) දිනයේ ලබාදෙන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අද පස්වරුවේ තමාට දැනුම්දුන් බවයි එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා සදහන් කළේ.
බිත්තර ආනයනය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමකින් පසුව ඉන්දීය පෞද්ගලික සමාගම් දෙකක් වන "රක්නා ෆාම් ඇන්ඩ් ෆුඩ් පුද්ගලික සමාගම" සහ "ඓශ්චර්යා ෆාම් පුද්ගලික සමාගම" පසුගියදා තෝරාගැණුනු අය්හර ඒ අනුව මෙම සමාගම් දෙකට රුපියල් 35ක පිරිවැයක් යටතේ තමිල්නාඩුවෙන් බිත්තර ආනයනය කිරීමට අවසර ලබාදෙන්නැයි රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබෙනවා.
එවන් පසුබිමක අද බිත්තර නිෂ්පාදකයින් අවධාරණය කළේ , සහන ලබාදෙන්නේනම් බිත්තර මිල පහළදැමිය හැකි බවයි එහෙත්, අද දිනයේත් කොළඹ අවට බොහෝ ස්ථාන වල බිත්තර අලෙවි කෙරුණේ රුපියල් 55කට වැඩි මුදලකටයි.
කෙසේ වෙතත් නුවරඑළිය සහ කඳුකරයේ ජනතාව පවසන්නේ තවමත් බිත්තරයක් මිලදී ගැනීමට සිදුව ඇත්තේ රුපියල් 65 ත් 70 ත් අතර මිලකට වන අතර, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ ලද වහාම, බිත්තර ආනයනයට අවශ්‍ය ඉදිරි පියවර කඩිනමින් ගතහැකි බවයි රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ.