මෙරට අද්‍යාපන ක්ෂේත්‍රය අර්බුදයක.. ඇමති සුසිල් කියයි
By Sithumi
ගුරුවරුන් විශාල පිරිසක් විශ්‍රාම යාම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට අභියෝගයක් වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා මීට පෙර වසරකට ගුරුවරුන් 4,000ක් පමණ විශ්‍රාම ගිය ද වයස අවුරුදු 60න් රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීම සඳහා රජය ගත් තීරණය හේතුවෙන් මෙම වසරේදී ගුරුවරුන් 10,000 ත් 12,000ත් අතර පිරිසක් විශ්‍රාම ගොස් ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
එම පුරප්පාඩු ඉදිරි මාස 03 තුළ සම්පූර්ණ කිරීම අනිවාර්යය වන අතර ඊට අදාළව ගතයුතු තීරණය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට ද පියවර ගත් බව සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසූවා.
ඔහු මේ බව සදහන් කළේ 2023 නව වර්ෂය සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවයට එක්වෙමින්.