ඉදිරි වසරේ රටේ ආර්ථිකය ගැන මහබැංකු අධිපතගෙන් ප්‍රකාශයක්
By Sithumi
කෙතරම් අපහසු අවස්ථාවක වුවද රජයේ වගකීම් හරහැටි ඉටු කිරීමට උත්සාහ දරන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි
. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 135 වන සංවත්සරය වෙනුවෙන් පැවති සම්මේලනයට එක්වෙමින් මහබැංකු අධිපතිවරයා මේබව කියා සිටියේය.
ආර්ථික අවපාතයක් පවතින විට එය රටේ සියලු අංශවලට බලපෑමක් වන බවත් සෞඛ්‍ය අංශයට ද එය පොදු බවත් මහබැංකු අධිපතිවරයා පැවසීය. නොමිලේ සෞඛ්‍ය සේවාවක් සැපයුවද රටේ සියලු දෙනා ඒ වෙනුවෙන් බදු ගෙවීමක් සිදුකරන බවත් සීමිත සම්පත් ප්‍රමාණයක් තුළ සෞඛ්‍ය පවත්වාගෙන යායුතු බවද පැවසූ ඔහු සෞඛ්‍ය මෙන්ම, ඉන්ධන ගෑස් හා විදුලිය ද අත්‍යවශ්‍ය සේවාවන් බවද පැවසීය.
ආර්ථිකය ස්ථායි කර ගැනීම ලබන වසරේ මුල්කාලය වන විට හැකිවනු ඇති බවද නන්දලාල් වීරසිංහ මහතා විශ්සාය පල කලේය