අයහපත් කාලගුණයෙන් මේ වනවිට 10 ක් මිය ගොස් ....
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය 3 වැනිදින සවස 06.00 සිට ඊයේ (05)සවස 06.00 වනවිට දිස්ත්‍රික් 8 ක් දැඩි බලපෑමකට පත්වීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇතැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.
ගම්පහ ,රත්නපුර,කොළඹ ,පුත්තලම,කළුතර,නුවරඑළිය,කෑගල්ල හා මහනුවර යන දිස්ත්‍රික්ක වල නෑයයෑම් හා ගංවතුර හේතුවෙන් මෙසේ දැඩි බලපෑමකට ලක්වු දිස්ත්‍රික්ක වෙයි. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 71 කින් පවුල් 54126 ක් දැඩි බලපෑමකට ලක්වී තිබේ.
එහිදී පුද්ගලයින් 219027 මෙම බලපෑමට ලක්වී ඇති අතර දෙදෙනකු තුවාල ලබා ඇති අතර එක් අයකු අතුරු දන්වි ඇතැයිද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.ඇතිවු අයහපත් තත්ත්වය නිසා පුර්ණ දේපලහානි 11 ක්ද,අර්ධ හානියට පත් නිවාස හා ගොඩනැගිලි 724 ක් වෙයි.
මෙහිදී බලපෑමට ලක්වු පුද්ගලයින් 15499 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන 69 කට යවා ඇතැයිද ආපදා මධ්‍යස්ථානය පවසයි.