රාජ්‍ය අමාත්‍ය ඩයනාට එරෙහි නඩුව කල් යයි

By Sithumi Jan 26, 2023 02:21 PM GMT
Sithumi

Sithumi

Report

 රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට අදාළව විරෝධතා ගොනු කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් අද ඇයට කල් ලබා දී තිබෙනවා.  

ඇය බි්‍රතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තෙක් බැවින් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීතිමය හිමිකමක් නොමැති බවයි පෙත්සම්කරු පවසන්නේ. එමනිසා ඇයගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණා.  

ලේඛන කීපයක් ලබාගෙන අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි එම පෙත්සම අද කැඳවනු ලැබීමෙන් පසු ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීම් කළේ. විනිසුරු මඩුල්ල ඒ සඳහා පෙබරවාරි මස 17 තෙක් කල් ලබා දී තිබෙනවා.