නිදන කාමරයට ගිනි තබා කාන්තාවක් මරුට..
කොටුගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසකට අද රාත්‍රියේ 7.30 පමණ කඩා වැදුණු නාදුනන පුද්ගලයන් කිහිපදෙනකු එහි නිදන කාමරයට ගිනි තැබීම නිසා එම කාමරයේ සිටි 65 හැවිරිදි කාන්තාවක පිළිස්සී මියගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය සඳහන් කර තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ ශාන්ති පද්මිණී නැමැති නැමැති කාන්තාවක් වන අතර මෙම කාන්තාව නිවසේ හුදෙකලාව ජීවත් වූ තැනැත්තියක බව මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරියෙක් පැවසුවා.
ප්‍රදේශවාසීන් පැමිණ ගින්න නිවා දමා ඇති අතර ඒ වන විටත් ඇය පිළිස්සි මියගොස් සිටියේ යැයි පොලීසිය සඳහන් කළ අතර මෙවැන්නක් කිරිමට හේතු තවම අනාවරණය වී නොමැති බවද බව ද පොලීසිය පවසයි
හුදකලාව ජීවත් වූ මෙම කාන්තාවගේ නිවසට ගිනි තබා ඇය ඝාතනය කිරීමට හවුල් වූ අය ගැන මෙතෙක් පොලීසියට තොරතුරු ලැබී තිබෙනවා
මිනුවන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීහු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.