අමාණුශිකව කාන්තාවකට පහර දෙයි.. හිස විදුලි කණුවක හප්පයි..

By Sithumi Sep 29, 2022 02:42 PM GMT
Sithumi

Sithumi

Report

කාන්තාවකට අමානුෂික ලෙස පහරදෙන සිද්ධියක් වාර්තාවී තිබේ. ඇයගේ සැමියා විසින් එලෙස පහරදී ඇති අතර අවස්ථා කිහිපයකදීම ඇයගේ හිස විදුලි කණුවක සහ කොන්ක්‍රීට් කොටසක ගැටීමට ඔහු උත්සාහ ගෙන තිබුණි.

අදාළ සිද්ධිය සිදුවී තිබුණේ ඊයේ (28) මූතුර් පොලිස් වසමට අයත් කිලිවෙට්ටි ප්‍රදේශයේදීය. ප්‍රහාරය එල්ලවෙන අවස්ථාවේ විශාල පිරිසක් එම ස්ථානයේ සිටියත් ඇයව බේරාගැනීමට මැදිහත් වෙන ආකාරයක් දක්නට ලැබුණේ නැත.

ඒ අසල සිටි පුද්ගලයෙක් එම සිද්ධිය ජංගම දුරකථනයකින් වීඩියෝ කර තිබුණි. පහරදීම සිදුකළ එම කාන්තාවගේ සැමියා අද පස්වරුව් මූතුර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.