සභාපතිවරයාට වෙඩි තබයි.. සිදුවීම සම්බන්දයෙන් නවතම තොරතුරු එළියට.. CCTV වීඩියෝ සහිතයි.. (VIDEO)

Sri Lanka
By Sithumi Jun 11, 2023 03:48 PM GMT
Sithumi

Sithumi

Report

මීගොඩ, වල්පිට ගැමුණු මාවතේදී ඉකුත් පස්වනදා සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියට අදාළ සැකකරුවන් සිව්දෙනෙකු මීගොඩ පොලිසිය විසින් අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වෙඩිතැබීම මූල්‍ය කොන්ත්‍රාත්තුවක් මත සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර බත්තරමුල්ල ප්‍රදේශයේ රක්ෂණ ආයතනයක සභාපතිවරයා වශයෙන් වැඩභාරගැනීමට යමින් සිටි දර්ශන සමරවික්‍රම නම් 62 හැවිරිදි පුද්ගලයෙක් මීගොඩ වල්පිට ගැමුණු මාවත ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකට ලක්වු‍ණේ ඉකුත් 5 වනදායි.

ඔහු උදෑසන 6.45ට පමණ සිය නිවසේ සිට මෝටර් රථයෙන් පිටව යන අවස්ථාවේදී ගැමුණු මාවත අසල රැඳීසිටි පුද්ගලයෙකු මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

ඉන් නොනැවතුණු වෙඩික්කරු මෝටර් රථය ලුහුබඳිමින් තවත් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කළ අතර ඒ අනුව වෙඩි ප්‍රහාර 4ක් මෝටර් රථයට එල්ල කර තිබුණු බව මූලික විමර්ශනවලදී අනාවරණය වුණා.

මේ නිසා සැකකරුවන් වෙඩිතැබීමට පැමිණෙන ආකාරය සහ වෙඩිතැබීම සිදුකර පළායන ආකාරය ඇතුළත්  CCTV දර්ශන අද මාධ්‍යයට නිකුත් කෙරුණු අතර මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා රක්ෂණ ආයතනයේ හිටපු උප සභාපතිවරයා ලෙස කටයුතු කර තිබු අතර අධ්‍යක්ෂක මණ්ඩලය කැමැත්තෙන් හා අධිකරණ තීන්දුවකට අනුව ඔහු ඉකුත් දෙවනදා වත්මන් සභාපතිවරයා ලෙස නම් කර තිබුණා.

හිටපු සභාපතිවරයාගේ කණ්ඩායමේ සාමාජිකයෙකු වන මාතර ශාඛාවේ සභාපතිවරයා විසින් මෙම වෙඩිතැබීම සිදුකිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබා දී තිබූ බවයි මෙම පත්කිරීම සම්බන්ධයෙන් අදාළ රක්ෂණ ආයතනයේ හිටපු සභාපතිවරයා අමනාපයෙන් පසු වී ඇති අතර පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව, වෙඩිතැබීම සම්බන්ධයෙන් අදාළ රක්ෂණ සමාගමේ මාතර ශාඛාවේ සභාපතිවරයා ඇතුළු තවත් තිදෙනෙක් මීගොඩ පොලිසිය විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර බස්රථ හිමියෙක්, යුද හමුදා සේවය හැර ගිය සෙබළුකු සහ බස් කොන්දොස්තරවරයෙකුද වන බව පොලිසිය පැවසුවා.


දර්ශන - අද දෙරණ