ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට විශේෂ පණිවිඩයක්..

By Sithumi Aug 29, 2022 04:23 PM GMT
Sithumi

Sithumi

Report

රී ලංකා - අමෙරිකා ව්‍යාපාර අතර තවදුරටත් සහයෝගීතාව දියුණු කළ හැකි ආකාරය සම්බන්ධයෙන් අමෙරිකා-ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය සමඟ සාකච්ඡා කළ බව අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය පවසන්නීය.

ජූලි චන්ග් මහත්මිය තවදුරටත් පැවසුවේ මේ වනවිටත් ශ්‍රී ලංකා ශ්‍රමිකයින් 180,000කට පමණ අමෙරිකා-ශ්‍රී ලංකා ද්විපාර්ශවික වෙළෙඳාම නිසා උපකාර ලැබෙන බවය. අමෙරිකාවට භාණ්ඩ අපනයනය තුළින් ශ්‍රී ලංකා ආර්ථිකයට බිලියන ගණනක දායකත්වයක් ලැබෙන බවද ඇය පැවසුවාය.

ඇය තවදුරටත් පැවසුවේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මූල්‍යාධාර සැපයීම, ගොවීන්ට බීජ වර්ග, පොහොර ලබාදීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පුහුණුව සැපයීම සහ අධ්‍යාපනික හුවමාරු වැනි වැඩසටහන් සඳහා සහාය දෙගුණ කිරීමට අමෙරිකාව ට හැකි බවය.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකෙරෙන සාකච්ඡා සඳහාද තවදුරටත් සහාය දැක්විය හැකි බවද ජූලි චන්ග් මහත්මිය ප්‍රකාශ කරයි.