ශ්‍රීලංකන්- කටාර් එයාර්වේස් ගුවන් යානයක .....

srilanka airprost srilankanguwan katar ayawes
By Nimal Jul 30, 2021 06:57 AM GMT
Report

 ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු හා නඩත්තු අංශය ((MRO) කටාර් එයාර්වේස් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක නඩත්තු පරීක්‍ෂණයක් පසුගියදා සාර්ථකව සිදුකරන ලදී.

ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය කටාර් එයාර්වේස් සමඟ තෙවන පාර්ශවීය නඩත්තු ගිවිසුමකට එළඹ ඇති අතර එමගින් ඔවුන්ගේ ගුවන් යානා සමූහය සඳහා අවශ්‍ය නඩත්තු සේවා සැපයීම් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ (MRIA) දී සිදු කෙරේ.

ඒ අනුව, A7-AID යටතේ ලියාපදිංචි වූ එයාර් බස් A321 වර්ගයේ ගුවන් යානයක පළමු නඩත්තු සහතිකය ලබාදීම පසුගියදා සිදුකෙරිනි.පාරිභෝගික අවශ්‍යතා මත පදනම්ව ගුවන් යානා නඩත්තු සහතික කිරීමේ සේවාවන් ඉදිරියේ දී පුළුල් කිරීම සඳහා බලාපොරොත්තු වන බැවින් මෙය MRIA සඳහා නව ආරම්භයක් සනිටුහන් කරයි.ශ්‍රීලංකන්- කටාර් එයාර්වේස් ගුවන් යානයක ..... | Srilanka Airprost

මෙම උපායමාර්ගික මුලපිරීම මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ දැක්ම ඉටු වෙනවා පමණක් නොව රටට අතිරේක විදේශ ආදායමක් ලබා දෙන කාලෝචිත අවස්ථාවක් ද වනු ඇත. ශ්‍රීලංකන් ඉංජිනේරු අංශයට කොළඹ සහ මාලදිවයිනේ සිට A350 සහ B787 ඇතුළුව එයාර් බස් සහ බෝයිං ගුවන් යානා සඳහා පහසුකම් සහ නඩත්තු කටයුතු කිරීමට හැකියාව පවතියි.

MRIA හි ශ්‍රීලංකන් ඉංජිනේරු සේවාවන් 2014 වසරේ දී ආරම්භ කරන ලද අතර 2019 දී වඩාත් සුදුසුකම්ලත් හා විශිෂ්ඨ ඉංජිනේරුවන් සමඟ මෙම පහසුකම් තවදුරටත් ශක්තිමත් කරන ලදී. ඊට අමතරව, ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය නවීන තාක්‍ෂණයෙන් උසස් තත්ත්වයේ නඩත්තු සේවා සපයමින් ගුවන් යානා නඩත්තු කිරීම් ස්ථාවර මට්ටමක පවත්වාගෙන යනු ලැබේ.

ගුණාත්මක ඉංජිනේරු සහය ලබා ගත හැකි බැවින් ගුවන් සමාගම්වලට ශ්‍රී ලංකාවට පියාසර කිරීමට මෙය කදිම අවස්ථාවක් කර ගත හැකිය. ශ්‍රී ලංකාවේ රත්මාලන, යාපනය සහ මඩකලපුව ඇතුළු අනෙකුත් ගුවන් තොටුපලවල් සඳහා තාක්‍ෂණික සහාය ලබා දීමට ශ්‍රී ලංකන් ඉංජිනේරු අංශය කටයුතු කරයි.