රට වටේම වෙන වංචා.. පරිස්සමෙන් මේ කාලේ ගෙවන්නත් අමාරුයි.. ඇහෙන අමුතුම කතා
පුද්ගලික ඉදිකිරීම් සමාගමක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි ගණනාවක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට
අංගොඩ හිඹුටාන මුල්ලේරියාව නව නගරයේ සැකකාරිය කාර්යාලය පවත්වාගෙන යමින් එහි අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කර ඇති අතර කාර්ය මණ්ඩලයට වෙනත් කිසිවකු නැතැයි පොලිසිය පවසනවා.
කොළොන්නාව ප්‍රදේශයේ කන්තාවකගෙන් දෙමහල් ගොඩනැගිල්ලක් රුපියල් ලක්ෂ 80 ක ට ඉදිකර දෙන බව පවසා අත්තිකාරම් වශයෙන් රුපියල් ලක්ෂ 57 ක් ලබාගෙන අඩක් පමණක් නිවසේ වැඩ කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා ස්ථීර ලිපිනයක් සැකකාරියට නොමැති බවත් සහෝදරයෙක් මාර්ගයෙන් සැකකාරිය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම කළ බව උසස් නිලධාරියෙක් පැවසුවේ.
සැකකාරියට මෙයාකාරයෙන් මුදල් වංචා කිරීමේ පැමිණිලි රැසක් හොරණ කලුතර හා තවත් ප්‍රදේශ ගණනාවක පොලිසිවලට ලැබී ඇති බව මේ වන විට අනාවරණය වී පවතින බව පොලිසිය පවසනවා.
ඒවගේම සිදුවුණු වංචාවක් ගගන අප වෙත අහන්නට ලැබුණා.
මහා පරිමාණ වාහන ජාවාරමක මහමොළකරු අත්අඩංගුවට
මොටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන් ගේ උදව් උපකාර ඇතිව කොටස් එකලස් කරනලද කරන ලද වාහන වලට කාලයක් තිස්සේ ව්‍යාජ ලිපි ලේඛන සකසා විකිණීමේ මහ පරිමාණ ජාවාරමක නිරත වූ සංවිධානාත්මක කල්ලියක මහ මොළකරු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු පදවා ගෙන යමින් සිටි ජීප් රථය ද පොලිස් භාරයට ගෙන සිදුකළ සිදු කළ පරික්ෂාවේදී එයද කොටස් එකලස් කර තනා ව්‍යාජ ලිපි ලේඛන මෝටර් රථ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරමින් ලියා පදිංචි කර තිබූ එකක් බවට අනාවරණ වූ බව පොලිසිය කියයි පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ කඩවත ගනේමුල්ල පාරේ කසුන් මාවත අසල දී බව පොලිසිය කියයි අනතුරුව එම ප්‍රදේශයේම පිහිටි සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේදී කොටස් එකලස් කරන ලද වාහන වලට සහ ධාවනයෙන් ඉවත් කරන ලද වාහන 400 කට පමණ කූට ලේඛණ සකසා මෝටර්රථ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ලියා පදිංචි කර විකුණා ඇති බවට අනාවරණය වූ බවත් ඊට අමතරව එම ජාවාරම සඳහා යොදාගත් ව්‍යාජ ලිපි ලේඛන සහ ලිපි ශීර්ෂ රබර් මුද්‍රා සොයාගැනීමට හැකිවූ බවත් පොලිසිය කියයි,
ඒවා අතර
# ;මෝටර් රථ දෙපාර්තමේන්තුවට අයත් කූට ලෙස සැකසූ ව්‍යාජ ලිපි ලේඛන තොගයක්
# ව්‍යාජ ලෙස සකස් කළ රාජ්‍ය හා පුද්ගලික ආයතන වලට අයත් ලියාපදිංචි සහතික ,ආදායම් බලපත්‍ර
# ධාවනයෙන් ඉවත් කරන ලද වාහන වලට විකුණු බවට සහතික ලද ව්‍යාජ ලේඛන
# රාජ්‍ය හා පුද්ගලික ආයතන වල ලිපි ශීර්ෂ විශාල ප්‍රමාණයක්
# පොලිස් ස්ථාන වලින් නිකුත් කරන ලද වාහන නැති වූ බවට සඳහන් පැමිණිලි පිටපත් විශාල ප්‍රමාණයක් # රාජ්‍ය ආයතන වල මුදල් ගෙවූ බවට මුදල් පොදු172 හිස් පෝරම විශාල ප්‍රමාණයක්
# රක්ෂණ සමාගම් වලට අයත් ව්‍යාජ ලෙස සකස් කරන ලද රබර් මුද්‍රා මෙන්ම මෝටර් රථ පරීක්ෂකවරුන්ගේ රබර් මුද්‍රා පොලිස් භාරයට ගෙන ඇත එම සංවිධානාත්මක ජාවාරමට සම්බන්ධ අනෙකුත් පිරිස සොයා විමර්ශන සිදුකරන බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි
