ගිනි අවි සමග දෙදෙනෙක් හදිසියේම අත්අඩංගුවට පත් වූ හැටි..

By Sithumi Jun 29, 2023 04:36 PM GMT
Sithumi

Sithumi

Report

මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් නුවරඑලිය ප්‍රදේශයේදී ගිනි අවි සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු 39 හැවිරිදි වියේ පසුවන අතර ඔහු අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු සමඟ සිට අත්අඩංගුවට ගෙන ඇති අනෙක් පුද්ගලයා රත්නපුර යුද හමුදා කඳවුරකට අනුයුක්තව සේවයේ නිරත වන කපිතාන්වරයෙක්.

 නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ පිහිටි රජයේ සංචාරක නිවාඩු නිකේතනයක සිටියදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා එහිදී ඔවුන් භාරයේ තිබී ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ පිස්තෝල දෙකක් සමඟ ඒවාට යොදාගන්නා පතොරම් ගැබ් සහ උණ්ඩ 167ක තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. Oපොලිස් භාරයට ගන්නා අවස්ථාව වනවිටත් ටී 56 වර්ගයේ ගිනි අවියේ අංකය මකා දමා ඇති බවද පොලීසිය පවසනවා.

පසුගිය මැයි මාසයේදී මිනුවන්ගොඩ ප්‍රදේශයේදී බන්ධනාගාර නියාමකවරයෙකුට ඔහුගේ නිවසට ගොස් ගිනි අවියක් පෙන්වා මරණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනයකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී පොලිස් භාරයට ගෙන ඇති ටී 56 වර්ගයේ ගිනි අවිය හෝමාගම නියඳගල ප්‍රදේශයේ දී සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට අදාළව භාවිත කරන ලද ගිනි අවියක් බවට මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

එම ඝාතනය මෙහෙයවීම දැනට විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් සිදුකර ඇති බවට ද මේ වනව්ට හෙළිවී ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසනවා.

එම සැකකරුට මහෙස්ත්‍රාත් අධිකරණ මගින් වරෙන්තු දෙකක් නිකුත් කර ඇති බවද අනාවරණය වී තිබෙනවා.

 එසේම පොලීසිය වැඩිදුරටත් පවසන්නේ ඔහුට එරෙහිව දිවයිනේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථානවල වංචාවන් සම්බන්ධයෙන් පැමිණිලි 40කට වැඩි සංඛ්‍යාවක් ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇති බවයි අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් සහ ගිනි අවි සම්බන්ධයෙන් මේ වනවිට වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා පැය 72ක රැඳවුම් නියෝග ලබාගනිමින් විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.