රෝගයක් ගැන විශේෂ අනතුරු ඇගවීමක්..

By Sithumi Jun 28, 2023 03:15 PM GMT
Sithumi

Sithumi

Report

මැලේරියා රෝගය තුරන් කළ රටක් ලෙස 2016 වසරේදී නම්කළ මෙරට තුළ යළිත් මැලේරියාව හිස ඔසවමින් පවතින බවට වෛද්‍යවරු අනතුරු අඟවයනවා

වසරේ මේ දක්වා ගෙවුණු කාලය තුළ මැලේරියා රෝගීන් 20 දෙනෙකු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති අතර ඒ අතරට විදේශිකයින් තිදෙනෙකුද අයත් වෙන්නේ.

සෙසු 17දෙනා ශ්‍රි ලාංකිකයින් වන අතර,ඔවුන් රුවන්ඩාව, දකුණු සුඩානය, උගන්ඩාව, ටැන්සානියාව, සියරාලියෝන් හා ගිනියාව ආදී රටවල් වල සංචාරය කර පැමිණි අය ලෙස හඳුනාගෙන තිබෙනවා. මැලේරියා රෝගය පිළිබඳ ඕනෑම ගැටලුවක් සම්බන්ධයෙන් පැය 24 පුරා දැනුවත් වීමට 071 - 284 1767 සහ 0117 626626 දුරකථන අංකවලට අමතන ලෙසත් ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය මහජනතාවට දැනුම්දෙනවා.