අඩු ආදායම්ලාභී ගොවි පවුල්වලට දීමනාවක්

By Sithumi Mar 23, 2023 02:38 PM GMT
Sithumi

Sithumi

Report

අඩු ආදායම්ලාභී ගොවි පවුලකට මෙවර යල කන්නය සඳහා රුපියල් තිස්දහස දීමනාවක් ලබා දීමට තීරණය කර තිබෙනවා. 

   අන්තර්ජාතික සහයෝගිතාව පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනයේ අධාර යටතේයි ඒ අනුව දිස්ත්‍රික්ක 06ක ගොවිපවුල් හතලිස් අටදහසක් සඳහා එම සහන දීමනාව ලබා දෙන්නේ.

කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ අදාළ මුදල් රුපියල් පහළොස් දහස බැගින් වාරික දෙකක් යටතේ ලබා දීමට කටයුතු කරන බවයි.

එක්සත් ජනපද නියෝජිතායතනය කටයුතු කර ඇත්තේ මුලතිව්, වවුනියාව, ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව සහ මොණරාගල දිස්ත්‍රික්කයන්වල අක්කරයකට වඩා අඩු ප්‍රමාණයක වී වගාකරන ගොවි පවුල් සඳහා අදාළ දීමනාව ලබා දීමටයි.