පාන් ගැන දැනුම් දෙන්න පාරිභෝගික අදිකාරයෙන් දුරකතන අංකයක්..

By Sithumi Oct 22, 2022 03:08 PM GMT
Sithumi

Sithumi

Report

අඩුබර පාන් අලෙවිකිරීම සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය අද (22) කොළඹ ප්‍රදේශ කිහිපයක වැටලීම් සිදුකර ඇත.

එහිදී පාන්වල මිල ප්‍රදර්ශනය නොකිරීම, පාන්වල නියමිත බර නොතිබීම සහ ව්‍යාපාරික ස්ථානයේ තරාදියක් නොතිබීම යන වරදවලට අදාළව බේකරි සහ වෙළෙඳසැල් කිහිපයකට නඩු පවරා තිබේ. 

  පසුගිය සතිය තුළ අවස්ථා දෙකකදී තිරිඟු පිටි මිල රුපියල් 110කින් අඩුකෙරුණ ද බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන නමුත්  අප කළ සොයාබැලීමේදී අනාවරණ වූයේ ඉහළ මිලක් ගෙවනු ලැබුව ද, අවම වශයෙන් ග්‍රෑම් 450 ක බරින් යුතු පාන් ගෙඩියක් පාරිභෝගිකයාට නොලැබෙන බවයි. 

   මේ අතර, අඩු බර පාන් අලෙවි කරන වෙළෙඳසැල් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස මිනුම් ඒකක සහ ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති අතර. එහි අධ්‍යක්ෂ ජනරාල් සුජීව අකුරන්තිලක මහතා සඳහන් කලේ 011 2 18 22 50 යන දුරකථන අංකයට එම පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවයි.