හදිසියේම පනින්න හැදූ විශේෂ පුද්ගලයෙක් අත්අඩංගුවට
අන්සතු ගුවන් ගමන් බලපත්‍රයකින් මෙරටට ඇතුළු වී ප්‍රංශය වෙත පැන යාමට තැත් කළ ඉරාක ජාතිකයෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ
. මොහු 26 හැවිරිදි ඉරාක ජාතික උසස් අධ්‍යාපනය හදාරන සිසුවෙකු වෙන ඔහු ඊයේ රාත්‍රියේ තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි. එහිදී එම තරුණයාගේ ගුවන් ගමන් බලපත්‍රය පරීක්ෂා කළ ආගමන විගමන නිළධාරීන්ට එහි තොරතුරු පිළිබඳව සැක මතු වීමෙන් පසුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාරදී තිබේ.
සිදුකළ තාක්ෂණික පරීක්ෂණවලදී ගුවන් ගමන් බලපත්‍රය එම තරුණයාට අයත් එකක් නොවන බවට තහවුරු වී ඇති බව වාර්තා වෙයි.
අද දෙරණ ගුවන් තොටුපල වාර්තාකරු පැවසන්නේ එහිදී අත්අඩංගුවට ගැණුනු මෙම සැකකරු තුර්කියේ ඉස්තාන්බුල් නුවර ගුවන්තොටුපොළ වෙත පිටුවහල් කිරීම සඳහා තුර්කි ගුවන් සේවයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගැණුනු බවය.