තිළිණි ප්‍රියමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට..
By Sithumi
විමර්ශනය කෙරෙන මහා පරිමාණ වංචා ජාලයක ප්‍රධාන සැකකරු වන තිළිණි ප්‍රියමාලිගේ ව්‍යාපාරික හවුල්කරු යැයි කියන ඉසුරු බණ්ඩාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද සවස අත්අඩංගුවට ගත්තේය.
පසුගිය සතියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක එස්.එස්.එල් නිහාල් තල්දූව ඇස්තමේන්තු කළේ මේ දක්වා විමර්ශනය කෙරෙමින් පවතින බව කියන වංචාවන් රුපියල් බිලියන 3.2 ඉක්මවන බවයි.
ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන්, සිවිල්, ආගමික සහ දේශපාලන නායකයන් සිය ගණනක් වංචා කළ බවට ප්‍රියමාලිට චෝදනා එල්ල වී තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය අංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගත් බව තහවුරු කළ නමුත් ඒ පිළිබඳව වැඩිදුර අදහස් පළ කළේ නැත.