මේ පද්ධතිය හදන්න පුළුවන් හැරමිටි පහන දක්වා විතරයි - ශ්‍රී පාද වන්දනා සමය අවසන් වන දිනත් එක්කම දැනුම්දෙයි

Report

රජය මඟින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති කේබල් කාර් ව්‍යාපෘතිය කෙරෙහි ශ්‍රී පාදස්ථානාධිපති, ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් සිය ආශිර්වාදය පළ කර ඇති බව සඳහන්.

එසේම උන්වහන්සේ අවධාරණය කර ඇත්තේ මෙම කේබල් කාර් පද්ධතිය ස්ථාපනය කිරීමේදී එය "හැරමිටි පහන" ප්‍රදේශය දක්වා පමණක් සීමා විය යුතු බවයි.

එසේම ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් 2025-2026 ශ්‍රී පාද වන්දනා සමය එළඹෙන මැයි මස 31 වන දිනයෙන් අවසන් වන බවට නිල වශයෙන් නිවේදනය කර ඇත.

ඒ අනුව වෙසක් පුන් පෝය දිනට පසුදින, එනම් මැයි මස 31 වන දින උදෑසන පැවැත්වෙන විශේෂ පූජෝත්සවයෙන් පසුව මෙවර වන්දනා වාරය නිමාවට පත්වනු ඇති බව සඳහන්.

නිවාස රැසක් ජලයෙන් යට වෙයි - ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ මේ අයට විශේෂ දැනුම්දීමක්

නිවාස රැසක් ජලයෙන් යට වෙයි - ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ මේ අයට විශේෂ දැනුම්දීමක්

උන්වහන්සේ මේ බව සඳහන් කර ඇත්තේ ශ්‍රී පාද වන්දනා වාරය නිම කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් නල්ලතන්නිය ග්‍රාම සේවා කාර්යාලයේදී පැවැත්වුණු අවස්ථාවේදීයි.

එමෙන්ම වන්දනා සමය අවසන් කිරීමේ චාරිත්‍රයට අනුව ශ්‍රී පාද උඩ මළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඩුව සහ සමන් දේව ප්‍රතිමාවන් මාර්ග හතරක් ඔස්සේ පෙරහැරින් වැඩම කරවීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

එම පෙරහැර කටයුතු සැලසුම් කර ඇත්තේ රත්නපුර – පලාබද්දර මාර්ගය සහ කුරුවිට – එරත්න මාර්ගය ඔස්සේ එක් පෙරහැරක් ද, නල්ලතන්නිය හරහා බගවන්තලාව – බලංගොඩ මාර්ගය සහ නල්ලතන්නිය – ලක්ෂපාන – අවිස්සාවේල්ල හරහා අනෙකුත් පෙරහැරවල් ද ගමන් කරන ලෙසයි.

කපිල නාමල් එකතු කර ව්‍යාජ පුවතක් සමාජ ජාලාවල සැරිසරයි - දැනුම්දීමක්

කපිල නාමල් එකතු කර ව්‍යාජ පුවතක් සමාජ ජාලාවල සැරිසරයි - දැනුම්දීමක්

මෙසේ වැඩම කරවන පූජනීය වස්තූන් එදින රාත්‍රියේ පැල්මඩුල්ල ශ්‍රී පාද රජමහා විහාරයේ තැන්පත් කර ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව, අවාරය අවසන් වන තෙක් ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරයේ සුරක්ෂිතව තැන්පත් කෙරෙනු ඇති බව සඳහන්.

මෙවර වන්දනා සමය තුළ "දිට්වා" සුළි කුණාටුව නිසා විවිධ බාධාකාරී තත්ත්වයන් මතු වුවද, සමස්තයක් වශයෙන් වන්දනා වාරය සාර්ථකව නිමා කිරීමට හැකි වූ බව පූජ්‍ය බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් සිහිපත් කර ඇත.

ලංකාව බංකොලොත්ද? මහ බැංකුව සතු වත්කම් වටිනාකම පහළට

ලංකාව බංකොලොත්ද? මහ බැංකුව සතු වත්කම් වටිනාකම පහළට

විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී හෙළිව ඇත්තේ මෙවර වන්දනා සමයේදී පරිසර දූෂණය අවම කරගැනීමට හැකිවීම සුවිශේෂී ජයග්‍රහණයක් බවයි. සීත ගඟුලේ සිට ඉඳිකටු පාණ දක්වා ක්‍රියාත්මක කෙරුණු පානීය ජල ව්‍යාපෘතිය හේතුවෙන් වන්දනාකරුවන් පරිසරයට බැහැර කරන ප්ලාස්ටික් බෝතල් ප්‍රමාණය කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බව එහිදී ප්‍රකාශ වුණා.

මෙම සාර්ථකත්වය සැලකිල්ලට ගනිමින්, එළඹෙන වසරේදී අදාළ ජල ව්‍යාපෘතිය ශ්‍රී පාද උඩ මළුව දක්වාම ව්‍යාප්ත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි බලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන්දියාව විනාසයි? දකුණු ආසියානු මිලිටරි ඉතිහාසයේ තීරණාත්මකම ආරක්ෂක ගනුදෙනුවෙන් ඉන්දියාව වටේට මිසයිල සවි කරයි

ඉන්දියාව විනාසයි? දකුණු ආසියානු මිලිටරි ඉතිහාසයේ තීරණාත්මකම ආරක්ෂක ගනුදෙනුවෙන් ඉන්දියාව වටේට මිසයිල සවි කරයි