නේපාල ගැටුම් මැද ශ්‍රී ලාංකිකයෝ ආරක්ෂිතයි

Report

නේපාලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුවී නැති බවට වාර්තා නොවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය පවසන්නේ, නේපාලයේ කත්මන්ඩුවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සමාජ මාධ්‍ය කණ්ඩායම් සහ සෙසු ජන කොටස් සමඟ සමීපව කටයුතු කරමින් සිටින බවයි.

එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගණන 102ක් වන අතර, ඔවුන් සියලුදෙනාම ආරක්ෂිතව සිටින බවත්, ඕනෑම අවස්ථාවක අවශ්‍ය සහාය ලබාදීමට නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තර අවධානයෙන් පසුවන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

නේපාල හමුදාවෙන් නිවේදනයක්, රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම සියතට ගනී

නේපාල හමුදාවෙන් නිවේදනයක්, රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම සියතට ගනී

මේ අතර, නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම ඊයේ (09) රාත්‍රී 10 සිට එරට හමුදාව ඇතුළු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

සමාජ මාධ්‍ය ජාලා 26ක් තහනම් කිරීමට රජය ගත් තීරණයට එරෙහිව නේපාලයේ කත්මන්ඩු අගනුවර පාර්ලිමේන්තුව අබියස විරෝධතා ආරම්භ වූ අතර, මේ වන විට ගැටුම්වලින් සිදුවූ මරණ ගණන 22 දක්වා ඉහළ ගොස් තිබේ.

හිටපු නේපාල අගමැති ජල්නාත් ඛනාල්ගේ බිරිඳ මරුට, නිවසට දමා විරෝධතාකරුවන් ගිනි තියලා

හිටපු නේපාල අගමැති ජල්නාත් ඛනාල්ගේ බිරිඳ මරුට, නිවසට දමා විරෝධතාකරුවන් ගිනි තියලා

මේ අතර, නේපාල හිටපු අගමැතිවරයෙකුගේ බිරිඳක් විරෝධතාකරුවන් විසින් ඝාතනය කර ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ හිටපු අගමැති ජාලනාත් ඛනාල්ගේ බිරිඳ වන රාජ්‍යලක්ෂ්මි චිත්‍රකාර බවයි. ඇයව විරෝධතාකරුවන් විසින් කත්මන්ඩු නුවර පිහිටි නිවසේ සිරකර නිවසට ගිනි තබා ඇති බව වාර්තා වේ.

නේපාලයේ උණුසුම උග්‍ර වෙයි, ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට සහ විශේෂ දූෂණ විරෝධී අධිකරණයකට ගිනි තියලා

නේපාලයේ උණුසුම උග්‍ර වෙයි, ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට සහ විශේෂ දූෂණ විරෝධී අධිකරණයකට ගිනි තියලා

නේපාලයේ රැඳී සිටින ශ්‍රී ලාංකයින් ගැන විශේෂ නිවේදනයක්, ගුවන්තොටුපොළත් වහයි

නේපාලයේ රැඳී සිටින ශ්‍රී ලාංකයින් ගැන විශේෂ නිවේදනයක්, ගුවන්තොටුපොළත් වහයි

ඇඳිරි නීතිය බිඳිමින් නේපාලයේ Gen Z ගිනි තබයි - දේශපාලකයින්ගේ නිවාස ගිනිබත්

ඇඳිරි නීතිය බිඳිමින් නේපාලයේ Gen Z ගිනි තබයි - දේශපාලකයින්ගේ නිවාස ගිනිබත්

විරෝධතා හමුවේ නේපාල අගමැති ඉල්ලා අස්වෙයි

විරෝධතා හමුවේ නේපාල අගමැති ඉල්ලා අස්වෙයි