ප්‍රහාර සිද්ධි උඩු දුවයි.. වහාම තවත් විදේශයක වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTO)

Report

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ලෙබනනයේ පවතින යුදමය තත්ත්වය ක්‍රමානුකූලව වෙනස් වෙමින් පවතින හෙයින් එරට සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව ඉතා සැලකිලිමත් වන බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ, ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂාව පිළිබඳ යම් අනාරක්ෂිත බවක් හැඟී යන්නේ නම්, ශ්‍රී ලංකාව බලා පිටත්වීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වන ලෙස ය.

ලංකාවම බිය ගන්නපු, අරුගම්බේ සිද්ධියෙන් පස්සෙ.. රටපුරා ප්‍රදේශ රැසක ආරක්ෂාව තර කරයි.. එම ප්‍රදේශ මෙන්න..

ලංකාවම බිය ගන්නපු, අරුගම්බේ සිද්ධියෙන් පස්සෙ.. රටපුරා ප්‍රදේශ රැසක ආරක්ෂාව තර කරයි.. එම ප්‍රදේශ මෙන්න..


එමෙන්ම, ලියාපදිංචි වන අවස්ථාවේදී ප්‍රමුඛතාව ලබන අන්දම හා පිටත් කරනු ලබන්නේ කුමන කාණ්ඩ මත පදනම්වද යන්න ඔබට විස්තර කරනු ඇත.

එසේම, ගුවන් ප්‍රහාර එල්ල වන අවස්ථාවලදී ඒ පිළිබඳව කරන ලද පුර්ව දැනුම්දීම් පිළිබඳ ඉතා සැලකිලිමත් වන ලෙසත් එම ප්‍රදේශවලින් වහා ඉවන් වන ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන්වලින් වැලකී සිටින ලෙසත් දැනුම් දෙයි.

අරුගම්බේ ප්‍රහාර සැලසුම ගැන ඉන්දීය බුද්ධි අංශ සැපයු තොරතුරු එළියට.. දෙන්නෙකුත් දැම්ම හැටි.. ඇල්ලටත් විශේෂ ආරක්ෂාවක්..

අරුගම්බේ ප්‍රහාර සැලසුම ගැන ඉන්දීය බුද්ධි අංශ සැපයු තොරතුරු එළියට.. දෙන්නෙකුත් දැම්ම හැටි.. ඇල්ලටත් විශේෂ ආරක්ෂාවක්..


යම් ශ්‍රී ලාංකිකයෙකුට අනපේක්ෂිත කරදරයක් වී නම් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වහාම දැනුවත් කරන ලෙසත් වැඩිදුරටත් සඳහන් කරයි.

එම නිවේදනය පහතින් දැක්වෙයි,

Gallery