ලංකාවම බිය ගන්නපු, අරුගම්බේ සිද්ධියෙන් පස්සෙ.. රටපුරා ප්‍රදේශ රැසක ආරක්ෂාව තර කරයි.. එම ප්‍රදේශ මෙන්න..

Report

මැදපෙරදිග සහ නැගෙනහිර යුරෝපයේ පවතින යුදමය වාතාවරණය සැලකිල්ලට ගෙන විදේශිය සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා මෙරට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.

ඒ බව ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ ය.

අරුගම්බේ ප්‍රහාර සැලසුම ගැන ඉන්දීය බුද්ධි අංශ සැපයු තොරතුරු එළියට.. දෙන්නෙකුත් දැම්ම හැටි.. ඇල්ලටත් විශේෂ ආරක්ෂාවක්..

අරුගම්බේ ප්‍රහාර සැලසුම ගැන ඉන්දීය බුද්ධි අංශ සැපයු තොරතුරු එළියට.. දෙන්නෙකුත් දැම්ම හැටි.. ඇල්ලටත් විශේෂ ආරක්ෂාවක්..


ආරක්ෂක අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් හා සම්බන්ධීකරණය මත ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ ද මෙම විශේෂ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවෙයි.

මෙහි මූලික පියවරක් වශයෙන් ඕනෑම සංචාරකයෙකුට ආරක්ෂාව සම්බන්ධ ගැටලු පිළිබඳව 1997 දරණ ශ්‍රී ලංකා පොලිසියේ කෙටි දුරකථන අංකයට දැනුම්දීමට හැකිය.

ඒ බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කළේ ය.

ආරක්ෂාවට මොකද වෙන්නේ?. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න..

ආරක්ෂාවට මොකද වෙන්නේ?. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න..


එමෙන්ම, මෙරට තවත් සංචාරක ආකර්ෂණ ස්ථාන සහ සංචාරකයින් සුලබව සැරිසරන නගර රැසක ද ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබිණ.

ඒ අනුව වැලිගම, බණ්ඩාරවෙල, ඇල්ල ඇතුළු නගර රැසක මෙසේ ආරක්ෂාව තරකර තිබෙනවා.