ගාසා තීරයේ සිටින ශ්‍රී ලාංකිකයන් 17ක් සම්බන්ධයෙන් වහාම තීරණයක් - මෙරට සිටින ශ්‍රී ලාංකිකයන්ටත් විශේෂ දැනුම්දීමක්.
ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ සිට දකුණු ප්‍රදේශය වෙත ගමන් කරන ජනතාව අතර ශ්‍රී ලාංකිකයන් 17 දෙනකු සිටියි.
ඔවුන් සියලු දෙනා ඊජිප්තුවේ ‘රෆා’ දේශසීමා පිවිසුමෙන් ඊජිප්තුව තුළට ගෙන්වා ගැනීමට විදේශ අමාත්‍යාංශය හරහා කටයුතු කරමින් සිටින බව සඳහන් ය.
ඒ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ ය.
මේ අතර, ජෝර්දානයේ සිට අනවසරෙන් ඊශ්‍රායලයට ඇතුළු වූ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු ජෝර්දාන දේශසීමා ආරක්ෂක අංශ සෙබළුන් විසින් අත්අඩංගුවට පත් වී තිබෙනවා.
ඔවුන් පිළිබඳ තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැත.
වැඩිදුරටත් තානාපතිවරයා සඳහන් කළේ මෙම යුද්ධය අතරතුර මිනිස් ජාවාරම්කරුවන් ලක්ෂ ගණන් ලබාගෙන ඊශ්‍රායලයට මිනිසුන් පිටත් කිරීමට උත්සාහ කරන බැවින් ශ්‍රී ලාංකිකයන්ට එම ජාවාරම්වලට හසුනොවන ලෙසයි.
කෙසේ වෙතත්, ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් යළි ශ්‍රී ලංකාව වෙත ඒමේ ප්‍රවණතාවක් නොමැත.
යම් අයෙකුට එසේ ඒමට අවශ්‍ය නම් ගුවන් ටිකට්පත් රැගෙන නිසි ක්‍රමවේදය ඔස්සේ ගුවන් මඟින් ශ්‍රී ලංකාවට පැමිණීමේ බාධාවක් නොමැති බවත් තානාපතිවරයා සඳහන් කළේ ය.
