ඇතුගල්පුර පිවිසුමේ පළමු මාසය තුල කොටි 10කට අධික ආදායමක්...
Gagana news
Sri lankan news
Highway mirigama to kurunegala
By Subodha
ඇතුගල්පුර පිවිසුමේ පළමු මාසය තුල රථ වාහන ලක්ෂ 5කට අධීකව ගමන් කිරිමෙන් කොටි 10කට අධික ආදායමක් උපයාගෙන ඇතැයි මහමාර්ග අමාත්‍ය ජෙන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා .
පසුගිය 2022.01.15 වන දින මෙම මාරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස ජනතා අයිතියට පත් කෙරුණා.
අනතුරුව පලමු පැය 12තුල ජනතාවට නොමිලේ ගමන් කිරිමට අවස්ථාව සලසා දෙනු ලැබුවා.
2022.01.16 වන දින දහවල් 12 පසුව අධිවේගි මාර්ගයේ ධාවනය වෙනුවෙන් මුදල් අය කිරිම ආරම්භ කෙරුණු අතර 2022.01.16 වන දින සිට 2022.02.21වන දින අතර කාලය තුල රථ වාහන 510,670ක් මෙම මාර්ගයේ ධාවනය කර තිබෙනවා.
එම නිසා 109,659,600.00 ක මුදලක් උපයා ගැනිමට හැකිවු බව අමාත්‍ය ජෙන්ස්ටන් ප්‍රනාන්දු මෙහිදි වැඩි දුරටත් සදහන් කරනු ලැබුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |