සිංහරාජ රක්ෂිතයේ හොර රහසේ කැපු වෙනිවැල්...ශාක කපා විනාශ කර ශාකයේ මුල් කොටස පමණක් රැගෙන විත්...(VIDEO)
ලෝක උරුමයක් ලෙස නම්කර ඇති සිංහරාජ රක්ෂිතයට හොර රහසේ ඇතුල් වී දුර්ලභ ගණයේ වෙනිවැල් ගැට ශාක කැපූ පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ විසින් අත්අඩංගුවට ගැනුණා.
අනුරාධපුර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කෙරුණේ, ඊයේ (11) පස්වරුවේ දී අනුරාධපුර දෙවන පියවර, 1 ග්‍රාමසේවා වසමේ නව බස් නැවතුම්පල අසල දීයි.
බලපත්‍ර නොමැතිව වෙනිවැල්ගැට සන්තකයේ තබා ගැනීම හා අලෙවිය සඳහා කාර් රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටි කලවාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අනුරාධපුර පොලිස් ස්ථානය වෙත භාර දුන්නා.
මොහුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී රත්නපුර - කලවාන ප්‍රදේශයෙන් සිංහරාජ රක්ෂිතයට හොර රහසේ ඇතුල් වී දුර්ලභ ඝණයේ වෙනිවැල් ගැට ශාක කපා විනාශ කර ශාකයේ මුල් කොටස පමණක් රැගෙන විත් එම ශාක කොටස් දිවයිනේ විවිධ ප්‍රදේශවල ගැනුම්කරුවන් සඳහා දීර්ඝ කාලයක් සිට අලෙවි කරන බවටයි හෙළි වී ඇත්තේ
දර්ශන අයිතිය - හිරු නිවුස්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |