කිරිපිටි හිඟයට පිලියමක්.. හයිලන්ඩ් කිරිපිටි වෙළඳපොලේ...
Gagana sinhala news
Highland milk powder
Chairman Renuka Perera
By Subodha
අප්‍රේල් මස මුල සිට සියලුම පළාත් වලට හිඟයකින් තොරව හයිලන්ඩ් කිරිපිටි නිෂ්පාදනය කර බෙදා හැරීමට කටයුතු කරන බව මිල්කෝ සමාගම ප්‍රකාශ කරයි.
මේ වන විට වෙළඳපොලේ දැඩි කිරිපිටි හිඟයක් පවතින අතර, ඒ සඳහා පිලියමක් ලෙස යළි කිරිපිටි නිෂ්පාදනයට පියවර ගන්නා බව මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා මහතා සඳහන් කරයි.
පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ පැවති සාකච්චාවකදී ඔහු මේ බව පැවසීය.
මෙයට අමතරව දියර කිරි නිශ්පාදනය වර්ධනය කිරීම සඳහා අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවලක් ක්‍රියාත්මක කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් කීවේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)