නැවතත් පුටු මාරුවක්...ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට නව සභාපතිවරයෙක්...

Sri lankan news Gagana sinhala news New Chairman for Petroleum Storage Terminals Company Retired Major General M.R.W. Zoysa
By Subodha Mar 09, 2022 03:51 AM GMT
Subodha

Subodha

Report

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව්. සොයිසා පත් කර තිබෙනවා.

ඒ හිටපු සභාපති නාලක පෙරේරා එම ධූරයෙන් ඉවත් කරමින්.

මීට පෙර විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව්. සොයිසා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළා.

එසේම ඔහු මීට පෙර ද ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති ධූරය හොබවා තිබෙනවා.

නව සභාපතිවරයා අද පෙරවරුවේ එම ධූරයේ වැඩ භාර ගැනීමට ද නියමිත යි.

මේ අතර ඛනිජ තෙල් මෙරටට ආනයනය කිරීමෙන් පසු ඒවා අදාළ ස්ථානවලට ප්‍රවාහනය කිරීමේ දී දරන පිරිවැය සම්බන්ධයෙන් 9 වන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරයේ රැස්වූ කෝප් කමිටුවේ දී අවධානය යොමුව තිබෙනවා.

එහි දී ඉන්ධන දුම්රියෙන් ප්‍රවාහනය කිරීම සඳහා කිලෝමීටරයකට රුපියල් තුනයි ශත අසූ එකක් වැයවන බව අනාවරණ වුණා.

එහෙත් කිලෝමීටරයකට රුපියල් 12යි ශත අනූ හතරක් බවුසර මගින් ඉන්ධන ප්‍රවාහනය කිරීම සඳහා වැයවන බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ.

2021 වසරේ ජනවාරි මාසයේ දී කෝප් කමිටුව විසින් මෙම විමර්ශනය සිදු කර ඇති අතර, එහි දී අනාවරණ වී ඇති තවත් කරුණක් වන්නේ, 2020 ජනවාරි මාසයේ දී ඉන්ධන ප්‍රවාහනයෙන් සියයට විස්සක ප්‍රමාණයක් පමණක් දුම්රියෙන් සිදු කර ඇති බවට යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now