දිලිත්, විමල් සහ ගම්මන්පිලට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව අද අභියාචනාධිකරණයේදී කැඳවෙයි! - ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වාගෙන් ප්‍රබල තර්කයක්

Report

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල සලකා බැලීම අද (11) අභියාචනාධිකරණයේදී ආරම්භ වී ඇත .

ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදීය.

එහිදී වගඋත්තරකාර උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කර ඇත.

ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ ඉකුත් ජුනි මස 15 වනදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ වාර්තාවකට අනුව මේ නඩු කටයුතු ආරම්භ වී ඇති බවයි.

  සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම සම්බන්ධයෙන් සිය සේවාදායකයා ජූනි මස 07 වනදා youtube නාලිකාවකට සිදුකළ ප්‍රකාශයක් තුළින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බව සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරයා පැමිණිලි කර තිබුණද, සිය සේවාදායකයා ජුනි මස 07 වනදා අදාළ ප්‍රකාශය සිදුකළ බවට එම youtube වීඩියෝව තුළ දිනයක් වේලාවක් සඳහන් නොවන බව ජනාධිපති නීතිඥවරයා වැඩිදුර අධිකරණය හමුවේ සඳහන් කර තිබේ.

ඔහු වැඩිදුරටත් කරුණු දක්වමින් ප්‍රශ්න කර සිටියේ මෙවැනි පසුබිමක සිය සේවාදායකයා ජුනි මස 07 වනදා අදාළ ප්‍රකාශය සිදුකළ බවට මහේස්ත්‍රාත්වරයා නිගමනය කරන්නේ කෙසේද යන්නයි තවද මේ වනවිටත් අභියාචනාධිකරණයේ එම පැමිණිල්ල විභාග වෙමින් පවතී.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශවලින් අධිකරණයට අපහාසයක් සිදු කළ බවට චෝදනා කරමින් කොටුව මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

මව් පදවියට සූදානම් වූ සුන්දර ‘නයෝමිචාන්’ගේ අකල් වියෝව- සමාජ මාධ්‍ය කැළඹූ පුවත- මරණයට හේතුව අධි රුධිර වහනයක්ද?

මව් පදවියට සූදානම් වූ සුන්දර ‘නයෝමිචාන්’ගේ අකල් වියෝව- සමාජ මාධ්‍ය කැළඹූ පුවත- මරණයට හේතුව අධි රුධිර වහනයක්ද?