වික්ටොරියා ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළට - වාන් දොරටු හයක් විවෘත කරයි
මධ්‍යම කඳුකර ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් වික්ටොරියා ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, ඊයේ රාත්‍රියේ සිට එහි වාන් දොරටු හයක් (06) ස්වයංක්‍රීයව විවෘත වී තිබේ.
ජලාශයේ වර්තමාන ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 438.12ක් (438.12 MSL) දක්වා ඉහළ ගොස් ඇති බව මහවැලි අධිකාරියේ වික්ටොරියා ජලාශ භාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතා සඳහන් කළේය.
වාන් දොරටු විවෘත වීමත් සමඟ තත්පරයට කියුබික් මීටර් 504ක (504 m³/sec) අධික ජල ධාරිතාවක් මහවැලි ගඟට මුදා හැරෙමින් පවතී.
ඒ අනුව, G1 දොරටුව මීටර් 0.731ක්, G2 දොරටුව මීටර් 0.746ක්, G3 දොරටුව මීටර් 0.770ක්, G4 දොරටුව මීටර් 0.708ක්, G5 දොරටුව මීටර් 0.677ක් සහ G6 දොරටුව මීටර් 0.716ක් බැගින් විවෘත වී ඇති අතර, G7 සහ G8 යන වාන් දොරටු මේ වන තෙක් විවෘත වී නොමැති බව වාර්තා වේ.
වික්ටොරියා ජලාශයේ වාන් දොරටු විවෘත වීමත් සමඟ මහවැලි ගඟේ පහළ ධාරාවේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින්, ගඟ දෙපස සහ පහත් බිම්වල ජීවත්වන ජනතාව මෙන්ම මහවැලි ගඟ පරිහරණය කරන පිරිස් ද මේ පිළිබඳව දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් පසුවන ලෙස බලධාරීන් ඉල්ලා සිටියි.