ප්‍රබලයින් දෙදෙනෙක් ශ්‍රී ලංකා-කොදෙව් තරගයෙන් ඉවතට
By Sewvandhi
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර සුපිරි 6 දෙනාගේ වටයේ තරගය සඳහා කොදෙව් කණ්ඩායමේ ප්‍රබලයින් දෙදෙනෙකු ක්‍රීඩා නොකරන බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව, සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් සහ වේග පන්දු යවන ක්‍රීඩක අල්සාරි ජෝසෆ් නැවත කොදෙව් දේශය වෙත කැඳවා ඇත.
මේ අනුව, 7 වනදා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගය මෙන්ම අද (05) ඕමාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයටද ඔවුන් දෙදෙනා එක් නොවනු ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එළඹෙන ඉන්දීය කණ්ඩායමේ කොදෙව් සංචාරය සඳහා ඔවුන් දෙදෙනා සූදානම් කිරීම හේතුවෙන් කොදෙව් ක්‍රිකට් බලධාරීන් මෙම තීරණය ගෙන ඇති බවයි.
මේ වනවිටත් සුපිරි 6 දෙනාගේ වටයේ කිසිදු තරගයක් ජයගැනීමට අපොහොසත් වීම හේතුවෙන් කොදෙව් කණ්ඩායමට මෙවර ලෝක කුසලානයෙන් ඉවත්ව යාමට සිදුව තිබේ.