7ට යන්න බෑ කියූ ප්‍රභල පිතිකරුව - කණ්ඩායමෙන් ඉවතට..?

Cricket Sri Lanka
By Sithumi Mar 24, 2023 11:04 AM GMT
Sithumi

Sithumi

Report

 හෙට (25) ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු එක්දින ජාත්‍යන්තර තරගය පැවැත්වීමට නියමිතය. 

 එම තරගයේදී තරගයට නම්කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම තුළ ගැටලුවක් මතුවී ඇති බවට වාර්තා වනවා. 

 ඒ, නොම්බර 7 පිතිකරු ලෙස ක්‍රීඩා කිරීමට නම්කර සිටි ධනංජය ද සිල්වා එම ස්ථානයේ ක්‍රීඩා කිරීමට ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

එබැවින් ඔහුව එම කණ්ඩායමට නම්කර නොමැත. එසේම අනෙකුත් එක්දින තරග 2 සඳහා ද ධනංජය ද සිල්වාගේ සහභාගීත්වය අවිනිශ්චිත බව වාර්තා වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now