වාහන වෙළඳපොළට අසුබ කාලයක් - අලෙවියයි මිලයි දෙකම අඩියටම බහී

Report

සුළි කුණාටුවේ බලපෑම නිසා මෙරට වාහන වෙළඳපොළ අර්බුදයකට මුහුණ දෙනු ඇති බව වාහන ආනයනකරුවන් පවසයි.

එබැවින් මේ තත්ත්වය මත දින 90ක කාලසීමාවක් තුළ විකිණීමට අපොහොසත් වන වාහන සඳහා ගෙවීමට සිදුවන දඩ මුදල් සම්බන්ධයෙන් සහනයක් ලබා දෙන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

එසේම ආනයනකරුවන් පෙන්වා දෙන්නේ, සුළි කුණාටුවෙන් පසුව ජනතාව මුහුණ දුන් දුෂ්කරතා හේතුවෙන් වාහන මිලදී ගැනීමට වෙන් කර තිබූ මුදල් වෙනත් හදිසි අවශ්‍යතා සඳහා යොදවන්නට ඇති බවයි.

ඒ අනුව කුණාටු තත්ත්වය ආරම්භ වූ නොවැම්බර් 27 වනදා සිට මේ දක්වා කාලය තුළ වාහන අලෙවියේ කැපී පෙනෙන පසුබෑමක් දක්නට ලැබී ඇති බවට ඔවුන් සඳහන් කරයි.

බිත්තර මිල 70ට යන්නේ නෑ බිත්තරයක් දෙන්නේ මේ ගාණට - නත්තලෙන් පස්සේ මිල ස්ථාපිතයි

බිත්තර මිල 70ට යන්නේ නෑ බිත්තරයක් දෙන්නේ මේ ගාණට - නත්තලෙන් පස්සේ මිල ස්ථාපිතයි

එමෙන්ම බොහෝ දෙනෙකුට වාහන මිලදී ගැනීම ගැන සිතීමටවත් නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවත්, සමහරුන්ට තම නිවෙස්වලින් පිටතට ඒමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වූ බවත් ඔවුහු වැඩිදුරටත් පවසයි.

එබැවින් දින 90ක් ඇතුළත වාහනයක් අලෙවි කර ගැනීමට නොහැකි වුවහොත්, වාහනයේ මාදිලිය අනුව වෙනස් වන දඩ මුදල රුපියල් ලක්ෂ 1 සිට 15 දක්වා වූ පරාසයක පවතින බව සඳහන්.

මේ අතර ඔවුන් පෙන්වා දෙන්නේ එම කාලය තුළ විකිණීමට නොහැකි වන නව ජපන් ඇල්ටෝ රථයක් සඳහා රුපියල් ලක්ෂ 2ක පමණ දඩයක් ද, හොන්ඩා වෙසල් රථයක් සඳහා රුපියල් ලක්ෂ 4ක පමණ දඩයක් ද ගෙවීමට සිදුවන බවයි.

පාසල් සිසුන්ට සුබ ආරංචියක් - පෙබරවාරියේ සිට සාමාන්‍ය පෙළ සිසුන්ටත්

පාසල් සිසුන්ට සුබ ආරංචියක් - පෙබරවාරියේ සිට සාමාන්‍ය පෙළ සිසුන්ටත්

තවද වසර 5කට අනතුරුව වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු, සමස්ත වාහන අලෙවිය යථා තත්ත්වයට පත් වී තිබෙන බවත්, පහත වැටී තිබූ වාහන මිල ගණන් ද දැනට ස්ථාවර වී ඇති බවත් වාහන ආනයනකරුවන් පවසයි.

එසේ වුවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා අනුව, ඉකුත් සැප්තැම්බර් මාසයේ ඉහළ මට්ටමක පැවති නව හා පාවිච්චි කළ වාහන ලියාපදිංචිය, අඛණ්ඩව දෙවන මාසයටත් එනම් පසුගිය නොවැම්බර් මාසයේදී සැලකිය යුතු මට්ටමකින් පහත වැටී තිබෙනවා.

එසේම මෝටර් රථ, යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ඇතුළු විවිධ කාණ්ඩවල ලියාපදිංචිය ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේදී පහළ ගොස් තිබීම ද විශේෂත්වයක් ලෙස දක්වයි.

යතුරුපැදි ලියාපදිංචිය ගැන දැනුම්දීමක්

යතුරුපැදි ලියාපදිංචිය ගැන දැනුම්දීමක්