බස් ප්‍රවාහන ක්ෂේත්‍රය අලුත් අනතුරක - හේතුව මෙන්න..

Sri Lanka Transport Fares In Sri Lanka
By krishani Apr 25, 2022 09:08 AM GMT
krishani

krishani

Report

බස් රථ සඳහා අවශ්‍ය අමතර කොටස් නොමැතිවීමෙන් බස්රථ ධාවනය කිරීමට නොහැකි තත්තවයක් උද්ගතව ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී අද (25) පැවසීය.

ටයර්, බැටරි, බේක් ලයිනර් ඇතුලු බස් රථ අමතර කොටස් නොමැතිවීමෙන් බස් රථ විශාල ප්‍රමාණයක් මේ වනවිට ධාවනයෙන් ඉවත්ව ඇතැයිද විජේරත්න මහතා සඳහන් කළේය.

මෙම තත්වයට වහාම විසදුමක් ලබාදීමට රජය අපොහොසත් වුවහොත් ලබන සතියේ සිට සියලුම පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත්කිරීමට පියවර ගන්නා බවත් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join