ලංකාවට අලුත් නීතියක් එන ලකුණු

Report

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසන්නේ මානසික සෞඛ්‍ය පනත කඩිනමින් ගෙන ඒමට කටයුතු කරන බවයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ මානසික සෞඛ්‍ය සේවාව නිවැරදි හැරවුම් ලක්ෂයක පවතින බවත්, මෙරට මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය වසර සියයක් පැරණි බවත්ය.

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට වසර 100 ක් සපිරීම නිමිත්තෙන් පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ මානසික සෞඛ්‍ය පනත කඩිනමින් ගෙන එන බවත්, එය නව්‍යකරණය කිරීමේ ක්‍රියාදාමයට අද වන විට එළඹ ඇති බවත්ය.

එය අසීරු කාර්යයක් වුවද ඒ සඳහා වන කෙටුම්පත් මූලික කටයුතු සඳහා පාර්ලිමේන්තුව සහ කැබිනට් මණ්ඩලයට යොමූ කර ඇති බව ද, අනතුරුව ජනතා අදහස් ලබා ගැනීම සඳහා යොමු කරන බව ද නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුනි මහතා එහිදි වැඩිදුරටත් අවධාරණය කළේය.