මහ මුහුදේ බිහිසුණු අනතුරක් - බෝට්ටුවක් සහ යාත්‍රාවක් ගැටී 15ක් ජීවිතක්ෂයට

By Kaushi Feb 04, 2026 09:12 AM GMT
Report

ග්‍රීසියේ නැගෙනහිර ඊජියන් මුහුදේ චියෝස් දූපත අසලදී සංක්‍රමණිකයන් රැගත් වේගවත් බෝට්ටුවක් සහ එරට වෙරළාරක්ෂක යාත්‍රාවක් එකිනෙක ගැටීමෙන් අවම ලෙස පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙසේ මියගිය පිරිස අතර පිරිමින් 11 දෙනෙකු සහ කාන්තාවන් සිව්දෙනෙකු සිටින බව වෙරළාරක්ෂක බලධාරීන් තහවුරු කරයි.

එමෙන්ම මුහුදෙන් සිරුරු 14ක් සොයාගත් අතර, තුවාල ලබා රෝහල්ගත කළ එක් කාන්තාවක් පසුව ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම අනතුරෙන් පසු ළමුන් 11 දෙනෙකු ඇතුළු සංක්‍රමණිකයන් 25 දෙනෙකු බේරාගැනීමට හැකිව තිබෙනවා.

ඔවුන්ව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර මෙම ගැටීමෙන් වෙරළාරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක‍යෙක් හදිසියෙම ජීවිතයෙන් සමුගයි - මරණයට හේතුව

ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක‍යෙක් හදිසියෙම ජීවිතයෙන් සමුගයි - මරණයට හේතුව

අතුරුදහන් වූවන් සෙවීමට මුර සංචාරක යාත්‍රා 4ක්, ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් සහ කිමිදුම්කරුවන් සහිත පුද්ගලික බෝට්ටුවක් යොදා ගනිමින් මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

එමෙන්ම අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුවේ සිටි මුළු පිරිස කොපමණද යන්න තවමත් නිශ්චිතව හෙළි වී නොමැත.

මැදපෙරදිග, අප්‍රිකාව සහ ආසියාවේ ගැටුම් සහ දරිද්‍රතාවයෙන් මිදී යුරෝපා සංගමයට ඇතුළු වීමට උත්සාහ කරන පිරිස් සඳහා ග්‍රීසිය ප්‍රධාන ඇතුළුවීමේ මාර්ගයක් වෙයි.

එසේ වුවත් තුර්කි වෙරළේ සිට ග්‍රීක දූපත් කරා යන මෙම කෙටි ගමන ඉතා අවදානම් සහගත බව වාර්තා වේ.

මේ අතර, යුරෝපා සංගමය සිය සංක්‍රමණික නීති දැඩි කරමින් සිටින අතර, සංක්‍රමණිකයන් රඳවා තබා ගැනීම සහ පිටුවහල් කිරීමේ ක්‍රියාවලීන් වේගවත් කිරීමට ද පියවර ගනියි.   

බස්වල යන අයට නරක ආරංචියක් - අද මේ පාරේ ප්‍රයිවට් බස් නෑ

බස්වල යන අයට නරක ආරංචියක් - අද මේ පාරේ ප්‍රයිවට් බස් නෑ

මේ පැති ප්‍රවේශමෙන් - අවදානම් නිවේදන නිකුත් වේ

මේ පැති ප්‍රවේශමෙන් - අවදානම් නිවේදන නිකුත් වේ