පොඩි දිමුතු ඝාතනයේ රහස් තවත් සැකකරුවෙක් වමාරයි - එකටම හිටපු යාළුවා බිබී ඉද්දි මරන්න ප්ලෑන ගහලා

Report

අම්බලන්ගොඩ නිවසක පසුගිය ජනවාරි 28 වන දින පැවති සාදයක් අතරතුරදී 'පොඩි දිමුතු' නමැත්තා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟ සිද්ධියට අදාළ තවත් වැදගත් තොරතුරු රැසක් පොලිසිය හෙළි කරගෙන ඇත.

ඒ අනුව ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් අදාළ තරුණයා අනාවරණ කර ඇත්තේ ඔහු 'පොඩි දිමුතු' සමඟ එකට මත්පැන් පානය කරමින් සිට ඝාතනය මෙහෙයවා ඇති බවටයි.

අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර දිමුතු සම්පත් හෙවත් පොඩි දිමුතු නැමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබුණේ පසුගිය ජනවාරි 28 වන දිනයි.

පොලිසිය සඳහන් කළේ වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් අදාළ වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.

ගඩාෆිගේ පුත්‍රයා ජීවිතක්ෂයට - නිවසේ උයනේදී ප්‍රහාරකයින් වෙඩි තබා පලා ගිහින්

ගඩාෆිගේ පුත්‍රයා ජීවිතක්ෂයට - නිවසේ උයනේදී ප්‍රහාරකයින් වෙඩි තබා පලා ගිහින්

එමෙන්ම විදෙස්ගතව සැඟව සිටින කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ ප්‍රධානතම වෙඩික්කරු වන මේ වනවිට බන්ධනාගාරගතව සිටින 'ලලා' නමැත්තා විසින් අඳාළ ඝාතනය මෙහෙයවා ඇති බවටද පොලිස් විමර්ශනවලදී හෙළි විය.

මේ අතර වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ ඊට ඝාතනයට ලක්වූ පොඩි දිමුතුගේ සමීප මිතුරෙකුද එක්ව ඇති බවත් ඔහු එදින පොඩි දිමුතු සමග එම සාදයේදී මත්පැන්ද පානය කර ඇති බවත් ය.

18 හැවිරිදි තරුණයෙකු වන ඔහු සාදය වෙනුවෙන් මත්පැන් ද රැගෙනවිත් ඇති අතර වෙඩික්කරුවන්ට සියලු තොරතුරු ලබාදී වෙඩිතැබීම සිදුවන විටදී එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවද පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

ලැයිම් කාමරේ කාන්තා මළසිරුරක් - ඔළුවටයි මුහුණටයි දරුණු පහරවල්

ලැයිම් කාමරේ කාන්තා මළසිරුරක් - ඔළුවටයි මුහුණටයි දරුණු පහරවල්

ඇත්තේ, ඝාතනය මෙහෙයවීමට 'ලලා' නමැත්තා විසින් ඔහුට රුපියල් 50,000ක් ලබාදී ඇති අතර ඊට අමතරව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක්ද ලබාදෙන බවට ද පොරොන්දු වී ඇති බවයි.

මේ අතර ලලාගේ බිරිඳ සමඟ පැවති සමීප සබඳතාවක් ඝාතනයට හේතුව වශයෙන් මුලින් පොලිසිය සැක කළද, ඝාතනයට ලක්වූ 'පොඩි දිමුතු', 'සමන් කොල්ලා' නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවටද මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත.

එබැවින් ඊට පලිගැනීමක් වශයෙන් මෙම ඝාතනයට 'කරන්දෙණිය සුද්දා'ද සහයවී ඇති බවට පොලිසිය සැක පළ කරයි.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපෙදස් මත ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ නාමල් පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වන බව සඳහන්.  

මහ මුහුදේ බිහිසුණු අනතුරක් - බෝට්ටුවක් සහ යාත්‍රාවක් ගැටී 15ක් ජීවිතක්ෂයට

මහ මුහුදේ බිහිසුණු අනතුරක් - බෝට්ටුවක් සහ යාත්‍රාවක් ගැටී 15ක් ජීවිතක්ෂයට