ඊශ්‍රායලයෙන් ප්‍රහාර - අහිංසක පලස්තීනුවන් 21ක් මරුට

Report

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර වලින් ගාසා තීරයේ සිටින තවත් පලස්තීන ජාතිකයින් 21 දෙනෙකු මියගොස් ඇති අතර එම ප්‍රහාර වලින් එක් සොල්දාදුවෙකු බරපතළ තුවාල ලබා ඇත.

ගාසා නගරයේ සහ ඛාන් යුනිස් ප්‍රදේශවල සිදුව ප්‍රහාර වලින් මියගිය අය අතර ළමුන් හය දෙනෙකු සිටින බව වාර්තා වන අතර ප්‍රහාරයකට ගොදුරු වූවන්ට උපකාර කිරීමට දිව ගිය වෛද්‍යවරයෙකු ද මියගිය අය අතර සිටි අතර සිටින බව වාර්තා වේ.

ගාසා තීරයේ නැගෙනහිර, සයිටවුන් සහ රෆා අසල්වැසි ප්‍රදේශවල කූඩාරම් සහ නිවාසවලට ඊශ්‍රායලය සිදුකළ පහර දීමෙන් මියගිය ළමුන් පස් දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 13 දෙනෙකුගේ මළ සිරුරු ලැබුණු බව ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල සඳහන් කර තිබේ.