ලංකාවේ අර්බුද නිසා, මෙරටට ඩොලර් ලැබෙන ප්‍රධාන මාර්ගයක් වන ඇගලුම් ක්ෂේත්‍රය බිද වැටීමක් ගැන ප්‍රකාශයක්.. දහස් ගණන් ඇගලුම් කර්මාන්ත රැකියා අවස්ථාවලට කුමක් සිදු වේවි ද.. ?
රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇගලුම් කර්මාන්තයටද දැඩි බලපෑමක් එල්ල වීමේ අවධානමක් මතුව තිබෙනවා.
ඇගලුම් කර්මාන්තයේ නිරත වන්නන් පැවසුවේ රට සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ පවතින ආකල්පයද සිය කර්මාන්තයට සෘජුව බලපාන බවයි.
මෙරට වත්මන් බොහෝ ආර්ථික ගැටළුවලට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඩොලර් අර්බුදයයි.
මෙරටට ඩොලර් ලැබෙන ප්‍රධාන මාර්ගයක් වන්නේ ඇගලුම් කර්මාන්තයයි. එබැවින් රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය ශ්‍රී ලංකාවේ ඇගලුම් කර්මාන්තයට බලපා ඇති ආකාරය සම්බන්ධයෙන් ස්ටයිලිස් සමූහ ව්‍යාපාරයේ උප සභාපති ආචාර්ය චමින්ද පී කල්පගේ මහතා ද අදහස් පල කළා.
ඒ මෙම තත්ත්වය අඛණ්ඩව පැවතුණ හොත් ශ්‍රී ලංකාවට ලැබෙන ඇගලුම් ඇණවුම් ඉන්දියාවට සහ බංග්ලාදේශයට යාමේ අවධානමක් පවතින බවත් රටේ තත්ත්වය රටේ නිෂ්පාදිත භාණ්ඩවලට බලපාන ආකාරය ද ආචාර්ය චමින්ද පී කල්පගේ පැහැදිලි කළා ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |