සිසුන්ට හෙට සිට ඔන්ලයින් නෑ.

sri lanka sri lanka teachers association Ceylon teachers union pandemic situvation
By Sithumi Jul 11, 2021 03:39 PM GMT
Sithumi

Sithumi

Report

රටපුරා රජයේ පාසල්වල සේවය කරන ගුරුවරුන් හා විදුහල්පතිවරුන් හෙට (12) සිට සිසුනට මාර්ගගත (ඔන්ලයින්) අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහනින් ඉවත් වෙති.

ගුරු සංගම් නායකයන් මර්ධනය කිරීම, අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම, ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් එම ක්‍රියාමර්ගය ගන්නා බව ද ගුරු සංගම් නායකයෝ පවසති.

ඒ අනුව ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් හෙට පෙරවරු 6 සිට මාර්ග ගත ක්‍රමයට කරන ඉගැන්වීම් කටයුතු නතර කරන බව ද ගුරු සංගම් නායකයෝ පවසති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  

Join now


ReeCha